යෝෂිතගේ නායකත්වයෙන් 40ක ගේ රගර් සංචිතයක්

යෝෂිතගේ නායකත්වයෙන් 40ක ගේ රගර් සංචිතයක්

අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු ‘ෆයිව් නේෂන්ස්’ පළමු කොටසේ රගර් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට නාවික හමුදා පිලේ නායක යෝෂිත රාජපක්ෂ පත්කර ඇත. මේ සඳහා ක්‍රීඩකයන් 40 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර එම සංචිතයට සහ තේරීම් කමිටුව විසින් නම් කරනු ලැබූ නව නායකත්වයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ පූර්ණ අනුමැතිය ලැබී තිබේ.

ජාතික රගර් කණ්ඩායමේ නව පුහුණුකරු ෆිල් ග්‍රිනිත් යටතේ මේ සංචිතයේ පුහුණුවීම් මාර්තු පළමු සතියේදී ඇරැඹේ. ආසියානු ෆයිව් නේෂන්ස් පළමු කොටසේ තරගාවලිය සඳහා නම් කළ සංචිතයට මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් 11 දෙනකුත්, නාවික හමුදා පිලේ ක්‍රීඩකයන් 10 දෙනකුත්, හැව්ලොක්ස් පිලේ ක්‍රීඩකයන් 6 දෙනකුත්, නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස් පිලේ ක්‍රීඩකයන් තිදෙනකුත්, යුද හමුදා පිලේ සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිලේ ක්‍රීඩකයන් දෙදෙනෙකු බැගිනුත් පොලිස් කණ්ඩායමේ ක්‍රීඩකයකුත් ඇතුළත් වෙති.

ඊට අමතරව ක්‍රීඩා සමාජයක් නොමැති තවත් ක්‍රීඩකයන් 5 දෙනෙකු ද මේ සංචිතයට ඇතුළත්ව සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා