ජනතාවට සේවය කළ යුත්තේ ඔවුන් සමඟ එක්ව සිටීමෙනි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2012 පෙබරවාරි 20 කොළඹ දී.



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ධීවරයන්ට ඉන්ධන සහන කාඩ්පතක්

එක් දින යාත්‍රාවකට ලීටර් 1500යි

අනෙක් ඒවාට ලීටර් 250යි

ධීවර කාර්මිකයන් වෙත රජය ලබා දෙන ඉන්ධන සහනාධාරය සඳහා වූ සහන කාඩ්පත ලබන සතියේ සිට සෑම ධීවර කාර්මිකයකුටම නිකුත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමැතිය ලත් මේ කාඩ්පත ඕනෑම ඉන්ධන හලක් වෙත ඉදිරිපත් කිරීමෙන් තමනට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමට ධීවර කාර්මිකයන්ට අවකාශ ලැබෙයි.

විස්තර »

බෙහෙත් අලෙවියට රජයෙන් පාලන මිලක්

ඖෂධ අලෙවිය සඳහා පාලන මිලක් නියම කිරීමට රජය තීරණය කර ඇත. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන සහ සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරුන් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක මහතා පැවැසුවේය.

විස්තර »

ඉන්ධන මිල සංශෝධනයට විරෝධය පාමින් බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් බත්තරමුල්ල කොස්වත්ත හන්දියේ සිට පළාත් සභාවට පා පැදිවලින් ගමන් ගත් අවස්ථාවේ එක් මන්ත්‍රීවරයකු මහ මඟ ඇද වැටුණු අයුරු හා ඉන්ධන මිලට විරෝධය පෑවද අධික මුදලක් ගෙවා ට්‍රක් රථයක පා පැදි පටවාගෙන කොස්වත්ත මංසන්ධියට රැගෙන ආ අයුරු ඡායාරූපවලින් දැක්වේ.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න

වැඩ බලන ජනමාධ්‍ය ඇමැති
ලක්ෂ්මන් යාපා අබේවර්ධන

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩ බලන ජනමාධ්‍ය හා තොරතුරු ඇමැතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (21) පත් කරනු ලැබ තිබේ. පසුගියදා ඕස්ෙට්‍රිලියාවේදී අනතුරකට පත්වූ ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රතිකාර ලබන අතර, වැඩබලන ඇමැති ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ජිනීවා නුවරට ගොස් සිටී.

කොන්දොස්තරට පිහියෙන් ඇන්නැයි රත්නපුර-ඇඹිලිපිටි බස් ගමන් නවතී

පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුට පහරදී පිහියෙන් අනින ලදැයි කියන තවත් පෞද්ගලික බස් රථ රියදුරකු සහ කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ සිදු කරයි. ඊයේ (21) උදේ කහවත්ත මාදම්පේදී මෙය සිදුව තිබේ.

විස්තර »

එජාප උද්ඝෝෂණයේදී මහජන දේපළට හානි කළ හා පොලිසියට පහර දුන් අය සොයයි

එක්සත් ජාතික පක්ෂ උද්ඝෝෂණය අවස්ථාවේ පොලීසියේ 15 දෙනකුට පහර දුන් මහජන දේපළ විනාශ කළ පුද්ගලයන් හඳුනා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මෙදින වීඩියෝ ගතකළ ඡායාරූප හරහා එම පුද්ගලයන් හඳුනා ගැනීම දැනටමත් සිදුවෙමින් පවතින බව කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කීය.

විස්තර »

බියගම හෝටල් හිමියාගේ ඝාතනය
ඉතා සැලසුම් සහගතව කළ එකක්

සාක්ෂි කිසිවක් ඉතිරිකොට නෑ

“බියගම විලේජ්” හෝටලයේ හිමිකරු ඝාතනයට පැමිණි පුද්ගලයා සාක්ෂි කිසිවක් ඉතුරු නොවන ආකාරයෙන් ඉතාම සැලසුම් සහගතව මේ අපරාධය සිදුකර ඇතැයි පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී තිබේ. මේ ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ඊයේ (21) දිනමිණට පැවසීය.

විස්තර »

දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා, අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (21) හමුවූ අයුරු.

ඡායාරූපය - චන්දන පෙරේරා

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast