කොන්දොස්තරට පිහියෙන් ඇන්නැයි රත්නපුර-ඇඹිලිපිටි බස් ගමන් නවතී

කොන්දොස්තරට පිහියෙන් ඇන්නැයි රත්නපුර-ඇඹිලිපිටි බස් ගමන් නවතී

පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුට පහරදී පිහියෙන් අනින ලදැයි කියන තවත් පෞද්ගලික බස් රථ රියදුරකු සහ කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ සිදු කරයි. ඊයේ (21) උදේ කහවත්ත මාදම්පේදී මෙය සිදුව තිබේ.

තම සාමාජිකයෙකුට පහරදීමට විරෝධය පා ඇඹිලිපිටිය රත්නපුර පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කළ බව ඇඹිලිපිටිය රත්නපුර පෞද්ගලික බස් රථ සංගමය කියයි. ඊයේ උදෑසන සිට එම වර්ජනය ආරම්භ කර තිබේ.

ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක කොන්දොස්තර හා රියදුරෙකු ඇඹිලිපිටිය සිට රත්නපුර දක්වා ධාවනය කරන බසයක කොන්දොස්තරවරයෙකුට මෙලෙස පහරදී ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. පිහි ඇනුමෙන් කොන්දොස්තරවරයා සුළු තුවාල ලබා ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි පවසයි. ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා