මරණ දැන්වීම්




පියසීලි මල්ලවආරච්චි මහත්මිය -
වෛද්‍ය ඉ.එ.ච්. බණ්ඩාරනායක මහතාගේ ආදරණීය භාර්යාව වූද, සුසන්ත (මැණික් තක්සේරුකරු) ෂාමණී, නිරෝෂනී (ආචාරිනී චන්‍ද්‍රජෝති විදුහල - යක්කල) යන අයගේ දයාබර මෑණියන්වූද, සමන්ති කුරුප්පුආරච්චිගේ (ඖෂධවේදිනි - උතුරු කොළඹ මහරෝහල - රාගම) නැන්දනියවූද, චේතානි, මිහාර, දිහාසගේ මිත්තනිය වූද, ගණේමුල්ලේ විසු පියසීලි මල්ලවආරච්චි මැතිනිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු පෙබරවාරි 22 වෙනි බදාදා සවස 4.00 ට ගම්පහ කසගහවත්ත ආදාහනාගාරයේදී සිදුකෙරේ. අවමංගල්‍ය පෙරහැර සවස 3.00 ට නිවසින් පිටත්වේ. අංක 410/1, ජයරත්න මාවත, නැදුන, ගණේමුල්ල. දුරකථන. 033-2261539. 050719

පී.ආර්. ලලිත් රත්නායක මහතා - (මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු මන්ත්‍රී) ප්‍රින්සි ගේ දයාබර ස්වාමිපුරුෂයාවූද, ඉරේෂා, ඉෂානි, හා ඉෂාන්ත යන අයගේ දයාබර පියාණන්වූද, හිටපු නියෝජ්‍ය වෙළඳ ඇමති පී. ආර්. රත්නායක සහ අභාවප්‍රාප්ත සෝමා රත්නායක යන අයගේ පුතණුවන් වූද, බෙනි සහ අභාවප්‍රාප්ත විමලා කුමාරි හේරත්ගේ දයාබර බෑනා වූද, පත්මා, කාන්ති, අතුල ධම්මිකා හා අභාවප්‍රාප්ත අජන්ත යන අයගේ දයාබර සොයුරා වූද විෂාන්ත, බෙනීටා, මිරිහැල්ල, විමල ධර්ම, මානෙල් රේණුකා සහ අභාවප්‍රාප්ත නෙවින්ද යන අයගේ මස්සිනා වූද, පී. ආර්. ලලිත් මැතිතුමා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු වත්තල සාන්ත ඈන් දේවස්ථානය පිටුපස පිහිටි වත්තල සුසාන භූමියේදී සිදු කිරීම සඳහා 2012 පෙබරවාරි මස 22 වන බදාදා සවස 3.30 ට නිවසින් පිටත්වේ. නො 65, ඇටම්පොල වත්ත පාර, හැඳල, වත්තල. 051319

රජීව දිසානායක මහතා - (ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශ්‍රාමික) ශ්‍රීමතීගේ දයාබර ස්වාමි පුරුෂයා වූද, ලලනි, අසේල, ප්‍රසන්න, ශිරානි, මාප්‍රිය, ලක්ෂමිගේ සොයුරාවූද රජීව දිසානායක මහතා අභාවප්‍රාප්ත වූයෙන් අවමංගල්‍ය පෙරහැර 22 වෙනි බදාදා රාත්‍රී 8.00 ට වේරගම රත්තොට පාරේ ආදාහනාගාරය බලා උකුවෙල, තවලංකොය අංක 131/02/02 නිවසින් පිටත්වේ. 051157

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා