තලෙයිබාන් ප්‍රතිසන්ධාන කර්සායි ඔබාමා දුරකථන සාකච්ඡා

තලෙයිබාන් ප්‍රතිසන්ධාන කර්සායි ඔබාමා දුරකථන සාකච්ඡා

ඇෆ්ගනිස්තානයේ නායකත්වය යටතේ තලෙයිබාන් සංවිධානය සමඟ සිදුකරගෙන යන ප්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් ඇෆ්ගන් අගමැති හමීඩ් කර්සායි බැරැක් ඔබාමා සමඟ පෙරේදා දුරකථනය ඔස්සේ සාකච්ඡා කර ඇත . එසේ සාකච්ඡා කළේ පාකිස්තාන සහ ඉරාන නායකයන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි.

එම සාකච්ඡාවේ දි අමෙරිකන් නියෝජිතයන්ගේ සහභාගීත්වය ඇතිව මෙන්ම නැතිව තලෙයිබාන් සංවිධානය සමඟ තම රජය සාකච්ඡා කරන බවද කර්සායි අනාවරණය කර ඇත. ලබන සතියේදී ඇෆ්ගනිස්තාන් පාකිස්තාන් ඉරාන ත්‍රෛ පාක්ෂික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

තලෙයිබාන් සංවිධානය සමඟ පැවැත්වෙන සාකච්ඡා වෙනුවෙන් කලාපීය සහයෝගිතාව ලබාගැනීමට ඇෆ්ගන් ජනාධිපති පසුගිය සිකුරාදා ඉස්ලමාබාදයේ දී පාකිස්තාන් ජනාධිපති අසී‍ස් අල් සර්දාරි සහ ඉරාන ජනාධිපති අහමදිනිජාඩ් සමඟ ද සාකච්ඡාකර ඇත. තලෙයිබාන් සංවිධානය අවි බිම තැබීමේ සහ අල්කයිඩා සංවිධානය සමඟ සබඳතා අත්හැර දැමීමේ ප්‍රතිඥාව මත තලෙයිබානුවන් සමඟ සාකච්ඡාකිරීමට සුදානම් බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා