එජාප ආසන සංවිධායක ධුර අධීක්‍ෂණ කාලයකට යටත් වෙයි

එජාප ආසන සංවිධායක ධුර අධීක්‍ෂණ කාලයකට යටත් වෙයි

මාස තුනක අධීක්ෂණ කාල සීමාවකට යටත්ව මෙවර එජාප ආසන සංවිධායක පත්වීම් ලබාදුන් බවත් අදාළ කාලය තුළ නියමිත ඉලක්ක සපුරාලීමට අපොහොසත් වන පිරිස් තරාතිරම නොබලා සංවිධායක ධුරවලින් ඉවත්කරන බවත් එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ආසන සංවිධායක ධුර පිරිනැමීමේදී කෘත්‍යාධිකාරි මණ්ඩලය අදාළ තීරණය ගනු ලැබුවේ ඇතැම් සංවිධායකවරු නමට පමණක් සංවිධායක ධුරයේ සිටින බවට තහවුරු වී ඇති නිසා බවද ඒ මහතා කීය.

ආසන බල මණ්ඩල පිහිටුවීම, පාක්ෂිකයින් බඳවා ගැනීම, පක්ෂ කාර්යාල විවෘත කිරීම යන කරුණු තෙමසක කාලය තුළ අධීක්ෂණය කිරීමට නියමිතය. එම ඉලක්ක සපුරා නැති සංවිධායකවරු ඉවත්කර ඒ වෙනුවට වෙනත් අය පත්කිරීමට පක්ෂය ක්‍රියාකරන බවද ඒ මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා