ඉරානයට එරෙහිව පියවර ගන්න ඊශ්‍රායලය සූදානමින්

ඉරානයට එරෙහිව පියවර ගන්න ඊශ්‍රායලය සූදානමින්

ඉරාන න්‍යෂ්ටික ක්‍රියාවලි අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඊශ්‍රායලය සිය,ලුම විකල්ප මාර්ගයන් විවෘතව තබා ගෙන සිටින බවට ඊශ්‍රායල ජනාධිපති ෂිමෝන් පෙරේස් පෙරේදා අනතුරු අඟව‍ා තිබේ..

“ඊශ්‍රායලය ස්වෛරී රාජ්‍යයක් . එරටට එරෙහිව නැගෙන ඕනෑම තර්ජනයකට මූන දීමේ හැකියාව හා අයිතිය එරට සතුව පවතිනවා.” යැයි ජනාධිපතිවරයා හමුදා ගුවන්විදුලි‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත. තවද සැම විකල්පයක්ම විවෘතව තිබෙන බව පවසන්නේ සැබවින්ම එය එසේවන බැවිනැයිද ඔහු කියා තිබේ .

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ පෙරේදා එරට හාරෙට්ස් පුවත්පතේ තමන් ඉරානයට එරෙහි ප්‍රහාරයකට විරුද්ධ බව ට පලව තිබුණු වාර්තාව ප්‍රතික්ෂෙපකරමිනි. ලබන මස ඔහු එක්සත් ජනපද ජනාධිපති බැරැක්  ඔබාමා හමුවීමේදී මේ විරෝධත්වය ප්‍රකාශ කරනු‍ ඇතැයි පුවත්පත කියා තිබිණ. එහෙත් ෂිමෝන් පෙරේස් පවසන්නේ එවන් නායකයකු හමුවීමට මත්තෙන් තමන් දරණ කිසිම අදහසක් කිසිවකු‍ට ප්‍රකාශ කිරීම තම සිරිත නොවන බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා