ගමන අනතුරේ

ගම්පහ කොටගෙදර පනාගොඩ ඇළ හරහා පාලමේ

ගමන අනතුරේ

ගම්පහ කොටගෙදර පනාගොඩ ඇළ හරහා ඇති පාලම ඉතා අබලන් තත්ත්වයක ඇති බවට මෙයට ඉහතින්ද මාධ්‍ය මගින් පෙන්වා දී ඇතත්, එය අලුත්වැඩියා කිරීමට අදාළ බලධාරීන් මෙතෙක් ක්‍රියාත්මක වී නැත.

මේ ඇළ හරහා කොටගෙදර කිරිඳිවිට ප්‍රදේශයේ ජනතාව නිරන්තර ගමන් ගන්නා මාර්ගයේ හමුවන පාලමයි. මෙම පාලමට ගොඩවන ස්ථානයේ ගිලා බැස්මකි. පාලමේ මැද පාත්වී ඇත. කොන්ක්‍රීට් කැඩී ඇත. කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බවට අවට ගම්වාසීහු පවසති. එළඹෙන මහවැසි සමයටත් මේ පාලම මෙසේ පැවතුනහොත් විශාල හානියක් විය හැකි බව ගම්වාසීහු පවසති. මේ ඇළෙහි ජලය නිසි ලෙස ගලා නොයාමෙන් පරිසර හානියක් සේම පානිය ළිං වල ජලයද බීමට නොහැකිව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා