වැල්ලවත්ත මුහුදු වෙරළේ  අශෝභනව හැසිරුණු පාසල් සිසු සිසුවියෝ 20ක් අත්අඩංගුවට

වැල්ලවත්ත මුහුදු වෙරළේ  අශෝභනව හැසිරුණු පාසල් සිසු සිසුවියෝ 20ක් අත්අඩංගුවට

බාල වයස්කාර පාසල් පෙම්වතුන් පිරිසක් වැල්ලවත්ත මුහුදු වෙරළේ අශෝභන අන්දමින් හැසිරෙමින් පෙම්සුව විඳිමින් සිටිය දී වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාසල් සිසු සිසුවියන් විසි දෙනෙකු පමණ මුහුදු වෙරළේ අශෝභන ලෙස හැසිරෙන බවට පොලිසියට ලැබුණු තොරතුරු අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම සිදුකරන ලද වැටලීමේ දී මේ පෙම්වතුන් කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට හැකි විය.

පෙම්සුව විඳිමින් අශෝභන ලෙස හැසුරුණු මේ සිසු සිසුවියන් කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල ඉගනුම ලබන බාල වයස්කාර අය බවත්, මොවුන් සවස් කාලයේ අමතර පන්තිවලට යන බව තම මවුපියන්ට පවසා ඔවුන් රවටාගෙන නිවෙස් වලින් පැමිණ ඇති බවත් තොරතුරු පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත.

වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරකෝන් බණ්ඩාර මහතා මේ සිසු සිසුවියන්ගේ මවුපියන් පොලිසියට කැඳවා මින් පසු මෙවැනි කටයුතුවලට සම්බන්ධ නොවන ලෙසට තරයේ අවවාද කර එම සිසු සිසුවියන් මවුපියන් වෙත භාර දෙන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා