විදේශ රැකියාවකට ගොස් නැවත පැමිණි බව කියන තිස්මඩ එක්දරු මව ගැන තවම තොරතුරක් නෑ

විදේශ රැකියාවකට ගොස් නැවත පැමිණි බව කියන තිස්මඩ එක්දරු මව ගැන තවම තොරතුරක් නෑ

යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැණික්දිවෙල තිස්මඩ පදිංචිව සිටි එක්දරු මවක් විදෙස් රැකියාවක නිරතව සිට 2009 ඔක්තෝබර් 14 වැනි දින නැවත දිවයිනට පැමිණි ඇති බවට වාර්තා වී ඇතත් දැනට වසර 03 කට ආසන්න කාලයක් ගතවීත් මෙතෙක් නිවෙසට නොපැමිණි නිසා ඇය ආගිය අතක් නොදැන ඇගේ සැමියා ඇතුළු දරුවාත් පවුලේ අයත් හැඬූ කඳුළෙන් පසුවෙති.

බඩල්ගම - අඹගහහේන, පැරණි ජන පදයේ සිය සැමියාගේ නිවෙසේ සිටියදී විදේශ රැකියාවකට ගොස් ආපසු දිවයිනට පැමිණියා යැයි කීවත් මෙතෙක් ආගිය තොරතුරක් නැත්තේ ලියන්ගහමුල වත්තේ ගෙදර කුසුමා වීරසිංහ යන එක් දරු මව ගැනයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි වූ කොළඹ විදේශ රැකියා ඒජන්සියක 2009 ජූනි 19 වැනි දින ගමන් බලපත්‍ර අංක 3924483 යටතේ ලියාපදිංචි වී කුසුමා වීරසිංහ යන ඇය, විදෙස් රැකියාවක් සඳහා සවුදි අරාබිය බලා දිවයිනෙන් පිටවගොස් ඇත.

ඇය නිතර සැමියාට කථා කළ දුරකථන ඇමැතුම්ද ලිපියක්වත් නොලද විට විජේතුංග ආරච්චිලාගේ ජයසුන්දර (සැමියා) යන අය විසින් කටුනායක - ගුවන්තොටුපළ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ පරීක්‍ෂණ කටයුතු වලදී “කුසුමා වීරසිංහ” යන ඇය 2009. 10. 14 දින යළි දිවයිනට පැමිණ ඇති බව 2010.02.19 වැනි දින කොටදෙණියාව පොලිසිය මගින් පැමිණිලිකරුට දන්වා ඇත.

එහෙත් මේ වනතෙක් ඇය ගැන කිසිදු තොරතුරක් නැත තම බිරිය ජීවතුන් අතර සිටිනවාද? නැද්ද? යන්න දැනගැනීමට පිහිට වන ලෙස සැමියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා