සත්ගුණවත්කම පෙන්නන්න ගිහින් කතුන්ගෙන් ගුටි නොකා බේරුණේ යන්තමින්

සත්ගුණවත්කම පෙන්නන්න ගිහින් කතුන්ගෙන් ගුටි නොකා බේරුණේ යන්තමින්

රඹුක්කන මුවපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ධර්ම ශාලාවක අවමංගල්‍යාධාර සමිතියක් පැවැත්වෙන අතරතුර පැමිණි ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය.

පිරිසගෙන් ධර්මශාලාව පිරී ඉතිරී තිබිණි. රැස්වීම ආරම්භකර ටික වේලාවක් ගිය පසු ධර්ම ශාලාවට ගොඩවූ ව්‍යාපාරික වැදගත් මහතකු මූලාසනයට හිසනමා ආචාරකොට ධර්ම ශාලාවේ පිටුපස බංකුවක වාඩිවිය. සමිති ශාලාවේ සිටි කීප දෙනෙකු අමුත්තා දෙස බලමින් සමිතියේ කාර්යයන් දෙස අවධානය යොමුකර සිටිය. පැය දෙකක කාලයක් තිස්සේ පැවැති සමිති රැස්වීම අවසන් කරමින් මූලාසන කථාව හා ස්තූති කථාව සිදු කිරීමෙන් පසු, පසු පස අසුනේ සිටි ව්‍යාපාරික පුද්ගලයා නැගී සිට පිරිස අමතා “අවසරයි මටත් පොඩ්ඩක් කථා කරන්න ඕනෑ” යයි පැවසීය.

එසේ කියා මම මේ ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුත්තක් කරන කෙනෙක් හැටියට මේ සමිතියට උදව්වක් කරන්න කැමැතියි. මේ සමිතියේ සාමාජිකයකු ගේ පවුල්වල සිදුවන මරණයන් සඳහා මාගේ පෞද්ගලික මුදලින් රුපියල් 5000ක මුදලක් ලබා දෙන්න කැමැතියි. ව්‍යාපාරිකයාට කියන්නට ලැබුණේ එපමණයි. ධර්ම ශාලාවේ සිටි කාන්තාවන් කීප දෙනෙකු හඬ අවදි කරමින් “ඈ යකෝ තමුසේ හිතුවාද මේ මුවපිටිය ගමේ හිඟන්නු ඉන්නවා කියලා. තමුසේ නිසා තමයි අපිට බොන්න වතුර ටිකත් නැත්තේ. ගමේ ළිං සේරම හිඳිලා තියෙන්නේ තමුසේගේ ඔය ව්‍යාපාරය නිසා ගුටි නොකා මෙතනින් යනවා යන්න කියා කෑකෝ ගහන්නට වූහ.

රැස්ව සිටි පිරිස ගමේ එඩිතර කාන්තාවන් පිරිසක් සිටීම ගැන සතුටුවෙමින් කාන්තාවන්ගේ කෑ ගැසීම අනුමත කරමින් ව්‍යාපාරිකයා අසලට පැමිණ තමුසේ වහාම මෙතනින් බහිනවා එළියට නැතිනම් අර ගැහැනු ටික එකතු වෙලා මොනවා කරයිද දන්නේ නෑ කියමින් තල්ලු කරමින් ධර්මශාලාවෙන් එළියට ඇද දැමීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා