විද්‍යාර්ථ-සිල්වෙස්තර 54වැනි ‘සුරතලුන්ගේ සංග්‍රාමය’ අද සහ හෙට

විද්‍යාර්ථ-සිල්වෙස්තර 54වැනි ‘සුරතලුන්ගේ සංග්‍රාමය’ අද සහ හෙට

“සුරතලුන්ගේ සංග්‍රාමය” ලෙසින් කන්ද උඩරට මහා ක්‍රිකට් තරඟ අතර ඉමහත් ජනප්‍රිය මහා ක්‍රිකට් තරගයක් වන මහනුවර විද්‍යාර්ථ සහ සාන්ත සිල්වෙස්තර් 54 වැනි මහා ක්‍රිකට් ගැටුම අද (16) සහ හෙට (17) දෙදින පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙතෙක් පැවැති තරග 53න් 14ක් සිල්වෙස්තර් විදුහල ජයග්‍රහණය කර ඇති අතර තරග 3ක් විද්‍යාර්ථ විදුහල ජයගෙන ඇත. අනෙක් තරග සියල්ල ජය පරාජනේ තොරව අවසන් වී තිබේ.

මෙම මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කැර ඇත්තේ විද්‍යාර්ථ විදුහලේ එවකට සිටි ක්‍රීඩක තුෂාර කොඩිකාරය.

මෙම වසරේ තරග 17කට සහභාගි වී ඇති විද්‍යාර්ථ විදුහල ඉන් 4ක් ජය ලබා ඇති අතර තරග 10ක මුල් ඉනිමේ ජයග්‍රහණ වාර්තා කර තිබේ. මේ අතර සිල්වෙස්තර් විදුහල තරග 16කට සහභාගි වී ඉන් තරග 4ක් ජයගෙන තරග 9ක් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කැර ගෙන ඇත.

විද්‍යාර්ථ විදුහල් පිල මෙවර මෙහෙයවන්නේ සිවුවැනි වසරේ වර්ණලාභියකු වන චමත් ආරම්භක පිතිකරු නිලුක්ෂ ගලපිටගේ විසිනි. මෙම ක්‍රිකට් වාරයේ ශතකයක් අර්ධශතක 7ක් සමගින් තරග 17කදී ඔහු ළකුණු 780ක් ලබා තිබේ. මේ අතර තෙවැනි වසරේ වර්ණලාභියකු වන උපනායක තිළිණ රූපසේන තරග 17කදී කඩුළු 83ක් ලබා පිතිකරුවකු ලෙස එක් ශතකයක් සමගින් ලකුණු 540ක් ලබා ඇත.

සිල්වෙස්තර් විදුහල මෙවර මෙහෙයවන්නේ සිවුවන වසරේ වර්ණලාභියකු වන රුවන්ත ඒකනායක විසිනි. ඔහු මෙම ක්‍රිකට් වාරයේ තරග 15කදී අර්ධ ශතක 3ක් සමඟින් ළකුණු 475ක් රැස්කරගෙන ඇති අතර කඩුලු රකින්නෙකු ලෙසද කටයුතු කරන රුවන්ත උඩපන්දු 40ක් මෙම ක්‍රිකට් තරගවාරයේ රැකගෙන තිබේ. සිවුවැනි වසරේ වර්ණලාභියකු වන වරුණ විජේසිංහ සිල්වෙස්තර් කණ්ඩායමේ මෙවර උපනායකයා වේ. ඔහු මෙම ක්‍රිකට් වාරයේදී අර්ධශතක 5ක්ද සමගින් ලකුණු 700 ඉක්මවා ඇත.

 

විද්‍යාර්ථ විදුහල් කණ්ඩායම: පළමුපෙළ ටී.ඩී.රණවීර,ජයන්ත කුමාර මයා (ක්‍රීඩා භාර ආචාර්ය) එස්. බස්නායක මයා (පුහුණුකරු) නිලක්ෂ ගලපිටිගේ (නායක) පී.ඒ.එස්. අල්විස් (විදුහල්පති) තිළිණ රූපසේන (උපනායක) ආනන්ද උපතිස්ස මයා (නියෝජ්‍ය විදුහල්පති) රුවන් බණ්ඩාර තේෂාන් ගමගේ. දෙවැනි පෙළ සී. රත්නායක, ආර්. දිසානායක, පී. කොළඹගේ, අයි දිසානායක, සී. ලොකුලියන, එස්. වික්‍රමසූරිය, එම්. ඇල්පිටිය, එස්. බුද්ධික, එන්.ඩී.රණවීර, යූ රාජපක්ෂ. තෙවැනි පෙළ කේ.හේරත්, ඩී.සී.නවරත්න, කේ.සී. නවරත්න, ටී.ඩී. සිල්වා, එස්.එම්. අමරසිංහ, ආර්. නානායක්කාර.

සිල්වෙස්තර විදුහල් කණ්ඩායම : පළමුපෙළ ෆයිස් අහමඩ්, හේමන්ත රණසිංහ මයා (ක්‍රීඩා භාර ආචාර්ය) වරුණ විජේසිංහ, (උපනායක) ටී. ආර්.එස්. මීටියාගොඩ මයා,(විදුහල්පති) රුවන්ත ඒකනායක(නායක) ඒ.කේ.බී. දොඩම්වල (ක්‍රීඩා පරිපාලක) දුෂාන් මලලසේන. දෙවැනිපෙළ එස්. ටිරෝන්, හර්ෂ මදුෂාන්, ජේ. කුගප්‍රසාන්, දිලීප් නානායක්කාර, හංසමාල් පෙරේරා, මනුජ පෙරේරා, චන්ද්‍රල බණ්ඩාර, සන්දීප සිං යොහාන් මෙල්, ඉඳුනිල්, සමරනන්ද, සුමේධ දිසානායක. තෙවැනි පෙළ ඩී. සෝමරත්න, රන්දික අත්තනායක, අකලංක දිසානායක, එන්. පියරත්න, බී. පාලමකුඹුර, ධනුජය හෙට්ටිආරච්චි, නිමේෂ් මෙන්ඩිස්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා