සී.එස්.එන්.විස්සයි 20 ක්‍රිකට්

සී.එස්.එන්.විස්සයි 20 ක්‍රිකට්

කෝල්ට්ස්- බී.ආර්.සී අවසන් තරගය අද

සී. එස්. එන්. අන්තර් සමාජ ඕවර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ කෝල්ට්ස් හා බී. ආර්. සී. කණ්ඩායම් අතර අවසන් මහා තරගය අද (2) එස්. එස්. සී. පිටියේ දී පැවැත්වේ.

ඊයේ (1) පැවැති අවසන් පූර්ව වටයේ දී ලකුණු 64කින් එන්. සී. සී. පිල පරාජය කිරීමට කෝල්ට්ස් කණ්ඩායම සමත්වූ අතර පානදුර කණ්ඩායම ලකුණු 37කින් පරාජය කිරීමට බී. ආර්. සී. පිල සමත්විය.

කෝල්ට්ස් - එන්. සී. සී.

වේගවත් පිතිහරඹයක නිරතවූ කෝල්්ට්ස් පිලේ නායක මලින්ද වර්ණපුර පන්දු 46කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් සමග ලකුණු 95ක් ලබා ගනිමින් කෝල්්ට්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඕවර 20 කදී 190 දක්වා ඉහළ දැමීමට සමත්විය.

කෝල්ට්ස් - 190/7 (ඕවර 20) මලින්ද වර්ණපුර 95, රොෂේන් සිල්වා 36 (ෆර්වේස් මහරූෆ් 23/2)

එන්. සී. සී. – 126 (ඕවර 15.1) උපුල් තරංග 56, ජෙහාන් මුබාරක් 33 (චතුරංග කුමාර 16/2, දිල්රුවන් පෙරේරා 26/2)

බී. ආර්. සී. – පානදුර

පළමුව පන්දුවට පහරදුන් බී. ආර්. සී. පිල ඕවර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 156ක් ලබා ගත්තේය. ඕවර 15.1 ක් වනවිට බී. ආර්. සී. පිලේ කඩුලු 8ක්ම ලකුණු 92ක් ඇතුලත බිඳ වැටුණද ක්‍රිෂාල් මාගගේ සහ මධුරංග සොයිසා 9වැනි කඩුල්ල සඳහා ලකුණු 64ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහ.

බී. ආර්. සී. – 156/8 ( ඕවර 20) ක්‍රිෂාල් මාගගේ නොදැවී 45, මධුරංග සොයිසා නොදැවී 27 (කැලුම් ප්‍රනාන්දු 14/2)

පානදුර -119 (ඕවර 16.4) ඉන්දික මස්සලගේ 31, නිලන්ත කුරේ 31 (නිමේෂ් පෙරේරා 26/4, ඇන්ඩි සොලොමන්ස් 22/3)

මේ අතර තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා අවසන් පූර්ව වටයේ දී පරාජිත එන්. සී. සී. සහ පානදුර කණ්ඩායම් අතර තරගය ද අද එස්. එස්. සී. පිටියේ දී පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා