ඩයලොග් ‘යූත් 19’ සූරතාව ත්‍රිත්වයට

ඩයලොග් ‘යූත් 19’ සූරතාව ත්‍රිත්වයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ඩයලොග් අනුග්‍රහයෙන් පැවැත්වූ ‘යූත් 19’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ සූරතාව මහනුවර ත්‍රිත්ව විදුහලට හිමිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ අවසන් තරගයේ වීරයා බවට පත්වූයේ ත්‍රිත්ව විදුහල ජයග්‍රහණයේ මාවතට යොමුකළ උපනායක ජනිෂ්ක ප්‍රේමසිංහය.

ත්‍රිත්ව විදුහල ලකුණු 25කට කඩුලු 5ක් බිඳවැටී තිබියදී ජනිෂ්ක ප්‍රේමසිංහ හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමග ලබාගත් ලකුණු 72 ත්‍රිත්ව විදුහලේ ජය මාවත විවර කිරීමට ප්‍රධාන හේතුවක් විය.

කාසියේ වාසිය දිනූ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල මුලින් පන්දුවට පහරදී ලකුණු 149ක් රැස් කළේය. ත්‍රිත්ව විදුහල කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 150ක් ලබා ජයග්‍රහණය ලබාගත්තේය.

කණ්ඩායම් 32ක් සහභාගි වූ ‘යූත් 19’ ක්‍රිකට් සූරතාවලිය පිලිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්විණි.

ධර්මාශෝක විදුහල – 149 (46.4) තනුර හැලඹගේ 54, දුමින්ද කන්නන්ගර නොදැවී 31, ගිහාන් මිිහිරංග 21 (ලක්ෂාන් ජයසිංහ 19/3, ඇල්වින් ප්‍රනාන්දු 25/3, අම්රිත් ශ්‍රීමාල් 38/2)

ත්‍රිත්ව විදුහල – 150/6 (41.3) ජනිෂ්ක ප්‍රේමසිංහ 72, අකිල ජයසුන්දර නොදැවී 40, අම්රිත් ශ්‍රීමාල් 17 (රොහාන් ද සිල්වා 25/2).

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා