මියාමි ටෙනිස් කිරුළ ඇග්නීසියාට

මියාමි ටෙනිස් කිරුළ ඇග්නීසියාට

ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක 2 ස්ථානයේ පසුවන රුසියාවේ මාරියා ෂරපෝවා ලකුණු 7-5 ක් සහ 6-4 ක් ලෙස පරදවමින් මියාමි ටෙනිස් කිරුළ දිනා ගැනීමට පෝලන්තයේ ඇග්නීසියා රැඩවන්ස්කා සමත් වූවාය.

23 හැවිරිදි අග්නීසියා මියාමි කාන්තා කිරුළක් දිනූ ප්‍රථම වතාව මෙය වන අතර මේ වසරේ ඇය විසින් දිනා ගන්නා ලද දෙවැනි ටෙනිස් කිරුළ ද මෙය වේ.

මීට පෙර ලෝක ටෙනිස් ක්‍රීඩකයන්ගේ සංගමයේ ටෙනිස් සූරතා 8 ක් දිනා සිටින ඇග්නීසියා මීට පෙර ෂරපෝවා සමඟ පැවැති තරග 3 ක දීම පරාජයට පත්ව සිටියාය.

“මේ වසරේ දී මම ලෝකයේ හොඳම ටෙනිස් ක්‍රීඩිකාවන් රැසක්ම පරාජය කළා” සතුටින් උද්දාමයට පත් ඇග්නීසියා කීවාය.

“ඇය ඉතා හොඳින් ක්‍රීඩා කළා. මගේ අතින් වැරැදි ගණනාවක්ම සිදුවුණා.” පරාජයෙන් අනතුරුව ෂරපෝවා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා