ගම්පහින් පැහැර ගත් රියැදුරා මරා වැසිකිළි වළක දමලා

දෙනෝ දාහක් බලා සිටිද්දී තරුණියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවේ

බලගොල්ල නගරයේදී දෙනෝ දහක් බලා සිටියදී මහ දවල් විසි දෙහැවිරිදි තරුණියකට කෲර ලෙස පහරදුන් බව කියන පොලිස් නිලධාරියකු බලගොල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අලවතුගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පල්ලේකැල් පිහිටි ප්‍රකට කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණියකට සැකකාර පොලිස් නිලධාරියා මෙලෙස පහරදී තිබේ.

විවාහකයකු වන පොලිස් නිලධාරියා අදාළ තරුණිය සමග අනියම් ප්‍රේම සබඳතාවක් පැවැත්වීමට උත්සාහ කිරීමේ සිද්ධියකින් පසු ඇතිවූ පෞද්ගලික කෝන්තරයක් හේතුවෙන් මේ පහරදීම සිදු කර ඇති බැව් අනාවරණය වේ.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල මහතාගේ විශේෂ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී එස්. ජේ. විජේරත්න මහතාගේ මෙහෙයවීමෙන් බලාගොල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් පරීක්ෂණ මෙහෙයවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා