දුම්රියෙන් ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කාලා

දුම්රියෙන් ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කාලා

දුම්රිය ස්ථානවල රැඳී සිටිමින් දුම්රියෙන් ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ල කෑ අයකු අත්අඩංගුවට ගැනුණි.

අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු බී. ඩී. ආර්. සිසිර කුමාර මහතා විත්තිකරුට අවුරුදු 2 මාස 7ක් සිර දඬුවම් සහ රු.1500ක දඩයක් ද නියම කළේ ය.

සැකකරු මීට පෙරද රන්මාලයක් කොල්ලකෑමේ වරදකට වසර 10කට අත්හිටවූ බරපතළ වැඩ සහිත වසර 2 ක සිරදඬුවමක් උල්ලංඝනය කර සිටින්නෙකු බවද අධිකරණයේදී හෙළිවිය. පසුගිය පෙබරවාරි 17 වැනි දින වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් ගමන් ගනිමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳ තිබූ රන්මාලයක් කඩාගෙන ඇති බවද පැමිණිල්ල මෙහෙයවූ වේයන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ සැරයන් (3789) කුමාරසිරි මහතා අධිකරණයට දැන්වීය. උල්ලංඝනය කළ අවුරුදු 2 ක් අත්හිටවූ සිර දඬුවම ක්‍රියාත්මක කිරිමට නියෝග කළ විනිසුරුවරයා සිර දඬුවම අත්හිටවූ කාලය ඇතුළත සිදු කළ රන්මාල කොල්ලකෑම සඳහා ඉහත දඬුවමට අමතරව මාස 7 ක බරපතළ වැඩඇතිව සිර දඬුවමක් සහ රු. 1500ක දඩයක් ද නියම කෙළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා