දෙදෙනකුට වෙඩි තබා ඝාතනයට තැත්කළ මාදම්පේ චූදිතයන් 10කට දඩ හා සිරදඬුවම්

දෙදෙනකුට වෙඩි තබා ඝාතනයට තැත්කළ මාදම්පේ චූදිතයන් 10කට දඩ හා සිරදඬුවම්

දෙදෙනෙකුට පහර දී වෙඩිතබා මරා දැමීමට තැත් කරන ලදැයි අධිචෝදනා ලබා සිටි චූදිතයන් දහදෙනෙකුගෙන් එක් චූදිතයකු වරද පිළිගන ඇත.

හලාවත පළාත්බද මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. එම්.එම්. මාලිනී ගුණරත්න මහත්මිය එම චූදිතට සිරදඬුවම් සමග රුපියල් 22,500ක දඩයක් නියම කළා ය.

චෝදනා ලබා සිටි චූදිතයන් සියලු දෙනාම මාදම්පේ පදිංචිකරුවෝ ය.

වරද පිළිගත් තුන්වන චූදිත වූ ප්‍රසාද් පි‍්‍රයංකර ද සිල්වා යන අයට පළමුවන චෝදනාවට බර වැඩ සහිතව මාස හයක සිරදඬුවම් සමග රුපියල් 2500ක දඩයක්ද නියම කළේ ය.

දෙවන චෝදනාවට බරවැඩ සහිත වසර දෙකක සිරිදඬුවම් සමග රුපියල් 10,000ක දඩයක් ද නියමකළ අතර තුන්වන චෝදනාවට බරවැඩ සහිත වසර දෙකක සිරදඬුවම් සමග රුපියල් 10,000ක දඩයක් මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. එම්.එම්’ මාලිනී ගුණරත්න මහත්මිය නියම කළා ය.

එම සිර දඬුවම් සමගාමීව ගෙවී යාමට නියම කර එක් එක් සිර දඬුවම් වසර 10 බැගින් අත්හිටවූවා ය.

එයට අමතරව පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වූ මාදම්පේ පූකුලම පදිංචි අසරප්පුලිගේ නායනානන්ද වීරසිරිට හා මාදම්පේ ගලහිටියාව පදිංචි ජයසිංහ ආරච්චිලාගේ නයන්ත ජයසිංහ යන දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමටද නියම කරනු ලැබුවා ය.

වන්දි මුදල් නොගෙවන්නේ නම් බරවැඩ සහිතව වසර එක බැගින් සිරදඬුවම් නියම කළා ය.

නඩුවේ හත්වන චූදිත වූ මංජුල බණ්ඩාර සඳරත්න යන අය අධිකරණයේ පෙනී නොසිටීම මත විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබුවා ය.

වරෙන්තුවේ පිටපතක් කටුනායක ගුවන් තොටුපළේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ බුද්ධි අධ්‍යක්ෂක වෙත යොමුකිරීමට ද මහාධිකරණයේ ;රජිස්ට්‍රාර්වරයාට නියම කළා ය.

10 වන චූදිත වූ ප්‍රදීප් ජානක සොයිසා යන අය මියගොස් ඇති බවට මරණ සහතිකයක් ඉදිරිපත් කර තිබුණෙන් මහාධිකරණ විනිසුරුවරිය එම සහතිකය පිළිගත්තාය.

අනෙකුත් චූදිතයන්ට එරෙහිව නඩුව ඔක්තෝබර් 8,9,10 හා 11 දිනයන්හි විභාගයට ගැනීමට දින නියම කළා ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා