හැන්තියාවේදී පොල්ලකින් ගසා තරුණයකු මරා දමලා

හැන්තියාවේදී පොල්ලකින් ගසා තරුණයකු මරා දමලා

දඹගල්ල හැන්තියාව ප්‍රදේශයේදී ඉකුත්දා (12) පරණ අවුරුදු දා පොල්ලකින් පහරදීමෙන් විසි හැවිරිදි තරුණයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ හැන්තියාව පදිංචි කේ. එම්. සුරංග ධනංජය නැමති අයයි.

මිතුරන් කීපදෙනකු මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමකින් පොල්ලකින් පහරදීමෙන් මෙම මිනීමැරුම සිදුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනකු දඹගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මොනරාගල වැඩබලන මහේස්ත්‍රාත් කමලා රත්නායක මහත්මිය වෙත ඉදිරිපත් කරන ලදුව අප්‍රේල් 17 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළාය. තුවාලකරුවන් ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කැර තිබුණි. එහිදී 12 රාත්‍රි එච්. ජී. උදය චන්ද්‍ර කුමාර නැමති අය මියයන ලදී. අනෙක් තුවාලකරුවන්ගේ තත්ත්වය ද බරපතල බැව් රෝහල් ආරංචි මාර්ල සඳහන් කරයි.

සෙවනගල පොලිස් ස්ථානාධිපති නිලන්ත බණ්ඩාර මහතා වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා