ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ මහියංගන කාර්යාලයට පහර දීලා

ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ මහියංගන කාර්යාලයට පහර දීලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වියලුව සංවිධායක හා ඵලදායිතා සහ ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න අමාත්‍යවරයාගේ මහියංගන කාර්යාලයට 14 දින සවස 4.30 ට පමණ පුද්ගලයන් දෙදෙනකු පැමිණ පහර දුන් බව මහියංගන පොලිසිය පවසයි.

එම අවස්ථාවේ එම කාර්යාලයේ ආරක්ෂාවට පොලිස් නිලධාරියකු පමණක් සිට ඇත.

කාර්යාලයේ ඉදිරිපස දොරටුව කඩා දමා කාර්යාලයේ උපකරණවලට හානි සිදු කර ඇති අතර, එම මොහොතේ කාර්යාලයේ කිසිවකු සිට නොමැති නිසා පුද්ගල හානි සිදුවී නොමැත. මේ වන විට එම කාර්යාල භූමිය අවට දැඩි ආරක්ෂාවක් යොදා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා පරීක්ෂණ කටයුතු සිදු කෙරේ. කුමන අරමුණකින්, කා විසින් මෙම පහර දීම සිදු කළේ ද යන්න පිළිබඳ විශේෂ විමර්ශන පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා