මීටර් 100 හොඳම කාලය ජේටර්ගෙන්

මීටර් 100 හොඳම කාලය ජේටර්ගෙන්

ජැමෙයිකානු ජාත්‍යන්තර ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 100 තරග ඉසව්ව තත්පර 10.81 කින් නිමාකළ අමෙරිකාවේ කාමෙලිටා ජේටර් මේ වසරේ එම තරග ඉසව්වේ ලොව හොඳම කාලය වාර්තා කිරීමට සමත් වූවාය.

ට්‍රිනිඩෑඩ් සහ ටුබෑගෝ හි කෙලි ඈන් බැප්ටිස්ට් තත්පර 10.86 කින් තරගය නිමාකොට දෙවැනි ස්ථානය අත්කර ගත් අතර ජැමෙයිකාවේ කෙරොන් ස්ටුවර්ට් තුන්වැනි ස්ථානයට පත් විය. ඇය වාර්තා කළ කාලය තත්පර 10.98 ක් විය.

පසුගිය වසරේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලන තරගාවලියේ කාන්තා මීටර් 100 ශූරිය වූ 33 හැවිරිදි ජේටර් ෂැංහයි ගෝල්ඩන් ගෝන් පී‍්‍ර තරගාවලියේදී තත්පර 10.64 කින් මීටර් 100 තරගය නිමාකොට ලොව හොඳම දෙවැනි කාලය වාර්තා කිරීමට සමත් වූවාය.

මේ අතර පිරිමි මීටර් 100 තරග ඉසව්ව ජය ගනිමින් මේ වසරේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට උසේන් බෝල්ට් සමත් විය. ඔහු මීටර් 100 තරග ඉසව්ව තත්පර 9.82 කින් නිමාකරද්දී නරඹන්නන් අසුන්වලින් නැගිට ඔහුට අත්පොළසන් දීමට පටන් ගත්හ.

දැඩි විශ්වාසනීයත්වයකින් යුතුව තරග වැදුණු බෝල්ට් මේ තරගයට පෙරාතුවම නරඹන්නන් අතර කැපී පෙනෙන්නට පටන් ගෙන තිබිණි.

තත්පර 10.0 කින් තරගය නිමා කළ ජැමෙයිකාවේ මයිකල් ෆේ‍්‍රටර් දෙවැනි ස්ථානය අත්කර ගත්තේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා