මැයි රැලියට සහභාගි නොවූ එජාප මන්ත්‍රීීවරුන්ට විනය පරීක්‍ෂණ

මැයි රැලියට සහභාගි නොවූ එජාප මන්ත්‍රීීවරුන්ට විනය පරීක්‍ෂණ

එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරු ජයසූරිය, රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරල, දයාසිරි ජයසේකර, බුද්ධික පතිරණ, අශෝක අබේසිංහ මහත්ම මහත්මීන්ට එරෙහිව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විනය පරීක්‍ෂණ පැවැත්වීමට තීරණය කර ඇත.

පසුගිය මැයි පළමුවැනිදා යාපනයේ පැවැති මැයි දින රැලියට සහභාගි නොවීම හේතුවෙන් විනය පරීක්‍ෂණ පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙයට අමතරව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ විනය පරීක්‍ෂණ පැවැත්වුවහොත් තමා නීතිමය පියවර ගන්නා බව පවසා ඇතැයි එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයට එරෙහිව යමින් මැයි දින රැලියට සහභාගි නොවීම හේතුවෙන් මේ විනය පරීක්‍ෂණය පවත්වන අතර එජාපයේ පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විශාල පිරිසකට එරෙහිවද ඉදිරියේදී විනය පරීක්‍ෂණ පවත්වනු ඇත.

යාපනයේ පැවැති මැයි දින රැලියට පැමිණීමට නොහැකි බවට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහත්වරු දැනුම් දී ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝසි සේනානායක, සුජීව සේමසිංහ යන මහත්ම මහත්මීන් විදේශගතව ඇතැයි ද එජාප ආරංචි මාර්ග පවසන අතර යාපනයේ මැයි දින රැලියට සහභාගි නොවූ සියලු දෙනාට එරෙහිව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා