පැරැණි කිරිපිටි තොග වැඩි මිලට විකුණන වෙළෙඳුන් අල්ලන්න

පැරැණි කිරිපිටි තොග වැඩි මිලට විකුණන වෙළෙඳුන් අල්ලන්න

පැරණි කිරිපිටි තොග වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා වහාම වැටලීම් සිදුකරන ලෙස සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියේ රූමි මර්සුක් මහතාට නියෝග කළේය. කිරිපිටි මිල ඉහළ දැමූවත් පැරණි තොග අවසන්වන තුරු කිරිපිටි අලෙවි කළ යුත්තේ පෙර පැවති මිලටම (400g) පැකට්ටුව රු. 264.00ක් (1Kg පැකට්ටුව (රු. 647.00 බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

කිරිපිටි පැකට්ටුවෙහි මිල වෙනස් කර හෝ ස්ටිකර් අලවා හෝ වෙනත් යම් ආකාරයකින් පෙර මිල වෙනස් කර නව මිලට පැරණි කිරිපිටි තොග අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට නියෝග කළේය.

කිරිපිටි කිලෝවක් රුපියල් 170කින් වැඩි කිරීමට අවසර ඉල්ලා සිටියත් පාරිභෝගික අධිකාරිය විසින් රු. 163කින් පමණක් මිල වැඩි කිරීමට අවසරය ලබා දී ඇත. ගෑස් සිිලින්ඩර් සඟවාගෙන තබාගෙන සිටි වෙළෙඳුන් 30ක් ද, ගෑස් සිලින්ඩර් 370ක් ද කොළඹ, මහනුවර, ගම්පහ යන දිස්ත්‍රික්කවලින් සොයා ගැනීමට පාරිභෝගික අධිකාරිය විසින් සිදු කරන ලද වැටලීම් වලදී හැකිවී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා