ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සන්නිවේදන වැඩමුළුවක්

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සන්නිවේදන වැඩමුළුවක්

ජාතික ක්‍රීඩා මාධ්‍ය පදනම ජාතික ක්‍රීඩා සංචිතවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සන්නිවේදන කුසලතාවයන් හා මහජන සම්බන්ධතා පුළුල් කිරීමේ අරමුණින් ජාතික ක්‍රීඩා මාධ්‍ය පදනම, ක්‍රීඩා අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරන එක් දින වැඩමුළුවක් මේ මස 21 දින ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සන්නිවේදන කුසලතා හා මහජන සම්බන්ධතාවය දැනුම පුළුල් කිරීමෙන් රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්තිය වර්ධනය කිරීමට ශක්තියක් වන අතරම, අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා පෞරුෂත්වය වර්ධනය කර ගැනීමට ද මහත් ධෛර්යයක් වන බැවින්, මෙම එක්දින වැඩමුළුව සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.

දකුණු ආසියාතික, ආසියාතික, පොදු රාජ්‍ය මණ්ඩලීය හා ඔලිම්පික් තරග නියෝජනය කරන ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉලක්ක කර ගනිමින් සංවිධානය කරන මෙම වැඩමුළුව සඳහා බැඩ්මින්ටන්, මලල ක්‍රීඩා, වොලිබෝල්, පාපන්දු, නෙට්බෝල්, කබඩි, පැසි පන්දු, හොකී, මේස පන්දු, බර ඉසිලීම, කරාතේ, වුෂු, මල්ලව පොර, පිහිනුම්, ජූඩෝ, දුනු විදීම, පා පැදි, බොක්ෂිං, වෙඩි තැබීම, තයිකොන්ඩෝ, ටෙනිස් ක්‍රීඩා ඉසව්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවීමට නියමිත ය.

මෙම වැඩමුළුවට සහභාගිවීමට අපේක්ෂා කරන ජාතිත මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලේකම්, ජාතික ක්‍රීඩා මාධ්‍ය පදනම, නො. 7 ඒ, රීඩ් මාවත, කොළඹ 07 යන ලිපිනයට හෝ [email protected]  යන විද්‍යුත් ලිපිනයට එවන මෙන් ජාතික ක්‍රීඩා මාධ්‍ය පදනම ඉල්ලා සිටියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා