තේරීම් කමිටුවෙන් අමල් අස්වෙයි

තේරීම් කමිටුවෙන් අමල් අස්වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවෙන් අමල් සිල්වා ඉල්ලා අස් විය. පෞද්ගලික හේතු මත මේ තීරණය ගත් බවත් තේරීම් කමිටු සාමාජිකයකු ලෙස තෘප්තිමත්ව කටයුතු කළ බවත් ඔහු පැවැසීය.

ඊට පෙර 2007 වසරේදී සහ 2011 වසරේදී තේරීම් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අමල් සිල්වා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 9 කටත්, එක් දින තරග 20 කටත් ක්‍රිඩා කළ විශිෂ්ට කඩුලු රකින්නකු ලෙස සැලකේ.

“මගෙන් පසුව ක්‍රීඩාවෙන් ඉවත් වූ දක්ෂ ක්‍රීඩකයන් අප්‍රමාණයි. ඔවුන්ටත් මේ අවස්ථාව හිමි විය යුතුයි” අමල් සිල්වා “ක්‍රිකින් ෆෝ” වෙබ් අඩවියට එසේ ප්‍රකාශ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා