ත්‍රිත්ව විදුහලට දැවැන්ත ජයක්

ත්‍රිත්ව විදුහලට දැවැන්ත ජයක්

පල්ලකැලේ දී පැවැති කූගන් ද සේරම් කුසලාන රගර් තරගයෙන් මහනුවර ත්‍රිත්ව විදුහල විසින් ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහල පරදවා ලකුණු 50 (ගෝල් 5, උත්සාහක 3) - 21 ක (ගෝල් 1, උත්සාහක 1, දඬුවම් පහර 3) ජයක් වාර්තා කරන ලදී.

පළමු භාගය අවසානයේ සාන්ත තෝමස් පිල ලකුණු 21 - 19 වශයෙන් ඉදිරියෙන් සිටියේය. මෙම තරගයේ පළමු භාගයේ සාන්ත තෝමස් පිල දක්‍ෂ ලෙස ක්‍රීඩා කළත් දෙවන භාගයේ එතරම් හොඳින් ක්‍රීඩා කිරීමට අසමත් විය. ඉන් ප්‍රයෝජන ගත් ත්‍රිත්ව පිල තරගයේ දෙවන භාගයේ ලකුණු 29 ක් ලබාගත් අතර සාන්ත තෝමස් පිල ලබා ගත්තේ ලකුණු 03 ක් පමණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා