‘දිවි නැඟුම සුවහස් මල්’

‘දිවි නැඟුම සුවහස් මල්’

වන්නෝ දිනන්නෝය”... එහි කිසිදු තර්කයක් නැත. සොබා දහමේ දායාදයක් ලෙස ලැබී ඇති සරුසාර භූමිය වගා කළහොත් අප දිනුම්ය. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස ලොව පුරා නම්දරා ඇත්තේද පැරැන්ණන්ගේ ශ්‍රමයෙන් රටම සරුසාර වූ නිසාය.

වත්මන් රජයේ සංකල්පයක් මත අපි වවමු රට නඟමු තේමා පාඨය හරහාද රට පුරා ගෙවතු වගා වැඩසටහන් ව්‍යාප්ත කරමින් වගාව වෙත මහජනතාව යොමු කිරීමට උත්සාහ ගැනිණි. අමාත්‍යංශ දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන හරහාද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි. මෙයද එවැන්නකි.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ වන ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව හරහා ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා “දිවිනැඟුම සුවහස් මල්” නමින් වැඩසටහනක් යෝජනා කෙළේ බැසිල් රාජපක්‍ෂ මහතා විසිනි.

ඒ අනුව, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාගේ මගපෙන්වීම යටතේ මල් වගා හා පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ෂෙලෝමි ඒ ක්‍රිෂ්ණරාජා මහත්මිය සුවහස් මල් දිවි නැඟුම වැඩසටහන දීපව්‍යාප්තව පවත්වාගෙන යනු ලබයි.

“වගා කිරීම වුවද, අංශ කිහිපයකට බෙදා සිදුකළ හැකියි. අප සෑමවිටම ක්‍රියාත්මක කරන්නේ අප කැමැති, සතුට දනවන කටයුතු පමණයි. මල් හා විසිතුරු කොළ වගා කිරීමෙන් සිතට දැනෙන සතුට අප්‍රමාණයි.

ගහක වැලක පැළයක කොළයක් හැඩට හැඩවෙලා ලියලනකොට, පුංචි මල් පොහොට්ටු දිග ඇරිලා ලස්සන පාට පාට මල් පිපෙන කොට කොයි කාගේ වුවත් ජීවිත අලුත් වෙනවා. මෙම වැඩසටහනත් ජීවිතේ අලුත් වෙන්න සැකසුණු එකක්.

මේ පිළිබඳ සවිස්තර තොරතුරු ගෙන එන්නේ; ආචාර්ය ෂෙලෝමි ඒ ක්‍රිෂ්ණරාජා මහත්මියයි. “දිවි නැඟුම සුවහස් මල්” ව්‍යාපෘතිය ගම්පහ මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, හම්බන්තොට, පුත්තලම, බණ්ඩාරවෙල, කළුතර, කොළඹ යන සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සිදු කෙරෙනවා.

මෙම සෑම දිස්ත්‍රික්කයකම ගොවි සමිති පිහිටුවා තිබෙනවා. ගොවි සමිතිවල සිටින සාමාජික සාමාජිකාවෝ, මුලින්ම දැනුවත් කිරීමේ වැඩසටහන් වෙත යොමු කරනවා. ඒ ඒ දිස්ත්‍රික්කවල තාක්ෂණ නිලධාරීන් මෙම කණ්ඩායම් නිසි පරිදි ‍ෙමහෙයවනවා.

මල් වගාව හෝ විසිතුරු පත්‍ර වගාව පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව, පැළ තවානක් සකස්කර ගැනීම සඳහා මඟ පෙන්වනවා. පැළ තවානක් පවත්වාගෙන යන ගොවි මහත්වරු ඇතැම්විට දීර්ඝකාලීනව පැළ තවාන් පමණක් පවත්වාගෙන යාමට ක්‍රියා කරන්නේ එහි තිබෙන වාසිදායක තත්ත්වය සැලකිල්ලට ගැනීමෙන්, පැළ තවාන් නඩත්තු කිරීම සඳහා සෙවනදැල් පොලිතින් ආදී අමුද්‍රව්‍ය දෙපාර්තමේන්තු මට්ටමෙන් ලබාදීමට තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා.

ගම්පහ, කොළඹ, කෑගල්ල යන දිස්ත්‍රික්කවල සැන්ඩ්‍රියානා මල් වගාව සාර්ථක ලෙස පවත්වාගෙන යනවා. මෙම වැඩසටහන සඳහාද ගොවි මහත්ම මහත්මීහු විශාල පිරිසක් දායකවී සිටිනවා.මල් වගාව මහා පරිමාණ මට්ටමෙන් පවත්වාගෙන යන ගොවි මහත්වරු මාසිකව ඉතා හොඳ තත්ත්වයේ ආදායම් උපයනවා.

ඇන්තූරියම්, කපුරු, බෝගන්විලා, බිගෝනියා, ෆර්න්ස්, කැනාස්, ඇෆ්රිකන් වයලට්, ලේඩිජෙන්, ඕකිඩ්, මීවන ශාඛ වර්ග, කානේෂන්, රෝස, ජර්බෙරා ඇතුළු මල්වර්ග 40ක් වගා කරන්නේ ආර්ථික සංවර්ධනය උදෙසායි. ගොවීන් මේ සඳහා උනන්දු කරවීමත්, ආර්ථිකය ශක්තිමත් කිරීමත් පිණිස, අප වරින් වර සුවහස් මල් හා පැළ ප්‍රදර්ශන සංවිධානය කරනවා.

ඊට අමතරව, වැඩමුළු සංවිධානය කිරීම හරහා ස්වයං රැකියා සඳහා විවිධ අවස්ථා ඇති කර තිබෙනවා. මෙම සියලුම ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය මල් සහ ශාක පත්‍ර අපනයනය කිරීමට අවශ්‍ය අවස්ථා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් සිදුකර දීමයි.

ඇත්තෙන්ම සාර්ථක වගාවක් ඔස්සේ සතුටින් දියුණුවන මාර්ගයක් ලෙස මෙම සුවහස්මල් වැඩසටහන පෙන්වා දිය හැකියි. අපි සෑම කටයුත්තකම අවසානයේදී බලාපොරොත්තු වන්නේ ආර්ථික ප්‍රතිලාභයක්. මල්, විසිතුරු කොළ, පැළ තවාන මේ සෑම වගාවකින්ම අපට වෙළෙඳ පොළක් නිර්මාණය කර ගත හැකියි.

දිවයින පුරා ඕනෑම ප්‍රදේශයක වෙසෙන ගොවි මහතුන්ට අප හා සම්බන්ධ වීමට හැකියි. කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මල් හෝ පත්‍ර වගාවකට ඇල්මක් දක්වන්නේ නම්, දිවි නැඟුම සුවහස් මල් ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වී ස්වයං රැකියාවක් ආරම්භ කළ හැකියි. ඊට අවශ්‍ය තොරතුරු මල් වගා පර්යේෂණ ආයතනය, ජාතික උද්භිද උද්‍යානය, පේරාදෙණිය යන ලිපිනයෙන් හෝ 0812388307 යන දුරකථන අංකයෙන් ලබාගත හැකියි.

ස්වයං රැකියාවක් ලෙස පවත්වාගෙන යාමේදී තමන් සතුව වගාකොට ඇති, මල් හෝ පත්‍ර හෝ පැළ විකිණීම සඳහා වෙළෙඳුන් සම්බන්ධ කර දීමට හැකියාවක් අප ආයතනයට පවතිනවා. මල් හා පත්‍ර අපනයනයේදී වුවද අප බොහෝ විට සිදු කරන්නේ වගාකරුවන් සම්බන්ධ කිරීමයි. එම කාර්යය සාර්ථක වී තිබෙනවා. අවශ්‍ය ඕනෑම අයෙකුට ඕනෑම අවස්ථාවක සහාය වීමට අප සූදානම්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා