කලාප කාර්යාලය වසා කට්ටිය මගුල් ගෙදර ගිහින්

ඇමති අස්සන් පොත උස්සයි

මහජන දියක් වු බදාදා(2)අද දිනයෙදි දහවල් දොළහේ සිට හවස තුනයි තිහ වන තුරු අම්පාර කාලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින් සහ කොට්ඨාශ අධ්‍යපන කාර්යාලයේ නිළධාරින් තම සේවා ස්ථානයෙන් බැහැරව මංගල සාධයකට සහභාගි විම නිසා එම කාර්යාල වෙත තම සේවාවන් ලබා ගැනිමට පැමිණි දෙමාපියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් දැඩි අපහසුතාවයට පත්විය.

විස්තර»


සංවර්ධනයෙන් තොර සාමයක් ඇත්තේ නැත

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 සැප්තැම්බර් 11, කොළඹ දී

KAPRUKA - New Year Gift Delivery in Sri Lanka


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


කුණු අල-කුණු කරවල තොග පිටින් අසුවෙයි

ඇමැති ජොන්ස්ටන්ගේ උපදෙසින් රට පුරා වැටලීම්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කුණු අල කිලෝ 25,000ක්

හතරවන හරස් වීදියෙන් කුණු කරවල කිලෝ 2000ක්

හැටන් වෙළෙඳ පොළෙන් කුණු අල කිලෝ 500ක්

පරිභෝජනයට නුසුදුසු අර්තාපල්, කරවල ඇතුළු තවත් පාරිභෝගික භාණ්ඩ රැසක් හදිසි වැටලීම් මගින් අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවිය සඳහා සූදානම් කර තිබූ කුණු අල කිලෝ විසිපන් දහසක් (25,000) පාරිභෝගික සේවා නිලධාරීන්ගේ හා පොලිස් නිලධාරීන්ගේ ඒකාබද්ධ වැටලීමක දී ඊයේ අත්අඩංගුවට ගැනිණි.

විස්තර»

වරායෙන් ආහාර වර්ග රේගු සහතිකය නොමැතිව පිට කරන්නේ නැහැ

- වරාය සභාපති

වරායට පැමිණෙන සියලු ආහාර වර්ග රේගු සහතිකය නොමැතිව නිකුත් නොකරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බී. වික්‍රම මහතා අවධාරණය කරයි.

රේගු සහතිකය ඇත්නම් ආහාර අඩංගු කන්ටේනර් පිට කරන බව පවසන සභාපතිවරයා කිසි විටෙක අදාළ සහතිකය නොමැති ආහාර අඩංගු කන්ටේනර් නිකුත් නොකරන බව ද පවසයි.

විස්තර»

නව අවුරුදු උදා වූ දා ජනපති ආගමික වතාවත්වල

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ සාමාජිකයන් සමඟ එක්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් දෙදහස් දහතුන නව වසර උදාව සැමරුවේය. නව වසර උදා වන සුබමොහොත වන විට ජනාධිපතිවරයා සිරිත් පරිදි රුහුණු කතරගම මහා දේවාලයේ ආගමික වතාවත්වල නියැලෙමින් සිටි අතර ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ මහත්වරු ද එම අවස්ථාවට එක් ව සිටියහ.

විස්තර»

කොළඹ සංවර්ධනය වන වේගයෙන්ම මත්ද්‍රව්‍ය සහ පාතාලය නැති කරනවා

- ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

කොළඹ නගරය සංවර්ධනය වන වේගයෙන්ම එහි ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය සහ පාතාලය සහමුලින්ම නැති කර දමන්නට ආරක්ෂක හමුදාව යොදාගන්නා බව ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කොළඹ නගරයේ ඇතැම් වතු ජනාවාසවල සංචාරයේ යෙදෙන විට ඒවායේ පදිංචි ජනතාව ‘අනේ සර් කුඩු, පාතාලය නැති කර දෙන්න’යි තමන්ගෙන් ඉල්ලීම් කරන බව හෙතෙම සඳහන් කරයි.

විස්තර»

ජනවාරි 8දා දිවි නැඟුම පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත කරනවා

නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා

ජනවාරි 08වනදා දිවි නැඟුම පනත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගන්නා බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. පක්ෂ නායක රැස්‍වීමේදී වෙනත් පනතක් එදිනට ගෙන ඒමට සාකච්ඡා නොවුනහොත් දිවිනැඟුම පනත එදිනට පාර්ලිමේන්තුවට ගෙන එමින් සම්මත කරගන්නා බවද නියෝජ්‍ය ඇමැතිවරයා පවසයි. නියෝජ්‍ය ඇමැතිය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එසේ පැවසුවේ පසුගිය (31) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විස්තර»

දෙවොලේ දෙවියන් වැරැදි කරද්දී සාධාරණත්වය පතන්නේ කාගෙන්ද?

ඇමැති ඩිලාන් ප්‍රශ්න කරයි

අධිකරණයේ උත්තරීතර තනතුරට එරෙහිව චෝදනා එල්ලවූ විට එම චෝදනා විභාග කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නම් එවැනි විභාගයක් නොකර සිටීම ජනතාවට සිදු කරන විශාලතම ද්‍රෝහිකමක් බව විදේශ සේවා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. රටක යුක්තිය පසිඳලීමේ මහා දෙවොලේ දෙවියන් වැරැදි කරන්නේ නම් එරට ජනතාව සාධාරණ යුක්තියක් අපේක්ෂා කරන්නේ කාගෙන්දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

විස්තර»

කතරගම ඵෙතිහාසික කිරිවෙහෙර පෙරේදා (31) වැඳ පුදා ගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළැඹුණු දෙදහස් දහතුන නව වසර උදාව සඳහා ආගමික ආශිර්වාදය ලබා ගත්තේය. ජනාධිපතිවරයා නව වසර උදාවීම නිමිත්තෙන් ආශිර්වාද ලබා ගැනීමට කිරිවෙහෙර වෙත පැමිණි සැදැහැවතුන් සමඟ සුහද කතාබහක නියැළුණු අවස්ථාව. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද මෙහි වේ.
ඡායාරූපය-නලින් හේවාපතිරණ




 

ගම නැඟුමයි මඟ නැඟුමයි නව මංපෙත් සොයා
අධිවේගී මං දුම්රිය මං සළකුණු තියා
ගෝඨාභය රාජපක්ෂ මැතිඳු මතය නියා
නගරෙන් නගරය හැදෙනව ඉතිහාසයෙ ලියා