2013 නව වසර පිළිගන්න ලොව පුරා මහ සැණකෙළි

2013 නව වසර පිළිගන්න ලොව පුරා මහ සැණකෙළි

මධ්‍යම රාත්‍රියෙන් උදාවූ 2013 නව වසර ලෝකවාසීන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය, හොංකොංහි සිට ඩුබායි නගරය දක්වාත් ලන්ඩනයත් නිව්යෝක් නගරයත් මහත් උත්සවශ්‍රියෙන් නව වසර සැමරූ බව වාර්තා වේ.

නව වසර උදාවත්ම අහස ගිනිකෙළි සංදර්ශනවලින් ඒකාලෝක වි තිබිණි.

මෙම සන්දර්ශන අතුරින් වඩාත්ම කැපී පෙනී ඇත්තේ නිව්යෝර්ක් හි ටයිම්ස් මන්දිරයේ පැවැති සංදර්ශනයයි.

ටයිම්ස් මන්දිරයේ සිට දැවැන්ත පළිඟුවක් සාම්ප්‍රදායයික ලෙස බිමට පතිත කිරිම මිලියනයකට අධික විනෝදකාමින් නරඹා තිබේ.

තේම්ස් ගංඟා තිරය ඇතුළු ගංඟා තිරවලට එක්රොක් වු 2,50,000ක් පමණ බ්‍රිතාන්‍ය ජාතිකයෝ ගිනිකෙළි සංදර්ශනවලින් කුල්මත්වි රාත්‍රිය පුරා ප්‍රීති උත්සව පවත්වා ඇත. මියන්මාරයේ ප්‍රථම රාජ්‍ය නව අවුරුදු උළෙල පවත්වා ඇත්තේ ස්විඩගොං පැගෝඩාවේදී යි.

නව වසරේ දි දුගී දුප්පතුන් කෙරේ වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා ශුද්දෝත්තම 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේ ආශ්‍රීර්වාද පුජාව පවත්වා ඇත්තේ සාන්ත පිටර් බැසිලිකාවේ සිටයි.

2012 දෙසැම්පර් ලෝක විනාශ මිත්‍යාවේ භීතිකාවෙන් ඇලළි සිටි ලෝකවාසි ජනතාවට 2013 නව වසර උදාව වඩාත් සුවිශේෂී එකක් වු බව වාර්තා වේ.


 

මධ්‍යම රාත්‍රී 12.00ට 2013 නව වසර උදාවිම සනිටුහන් කරමින් ටයිම්ස් චතුරඝ්‍රයේ සිට සම්ප්‍රදායයික පළිඟුව බිමට පතිත කිරිම නැරඹීමට පැමිණි මිලියන සංඛ්‍යාත ජනයා පිනවිමට පැවැත් වු සංගිත සංදර්ශනයක අවස්ථාවක්.

 

නිව්යෝර්ක්හි ටයිම්ස් චතුරශ්‍රයට රොක්වු ජනතාව අලුත් අවුරුදු උදාව සැමරූ අයුරු. මෙහි හිස් අවකාශය පුරා විසිරී ඇත්තේ විසිතුරු වර්ණ කඩදාසි කැබලි වැස්සකි.

 

මිකී සහ මිනි මවුස් යන ඩිස්නිලන්තයේ චරිත ද්විත්වය ජපාන සාම්ප්‍රදායයික ඇඳුමින් සැරසී සිටියේ 2013 නව අවුරුද්ද පිළිගැනීමේ උත්සවයකදීය.

 

නව අවුරුදු උදාව පිළිගනිමින් බටහිර ජර්මනියේ පල්ලියක් ගිනි කෙළි සංදර්ශනයකින් විචිත්‍රවත් කර තිබූ අයුරු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා