කලාප කාර්යාලය වසා කට්ටිය මගුල් ගෙදර ගිහින්

කලාප කාර්යාලය වසා කට්ටිය මගුල් ගෙදර ගිහින්

ඇමති අස්සන් පොත උස්සයි

මහජන දියක් වු බදාදා(2)අද දිනයෙදි දහවල් දොළහේ සිට හවස තුනයි තිහ වන තුරු අම්පාර කාලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින් සහ කොට්ඨාශ අධ්‍යපන කාර්යාලයේ නිළධාරින් තම සේවා ස්ථානයෙන් බැහැරව මංගල සාධයකට සහභාගි විම නිසා එම කාර්යාල වෙත තම සේවාවන් ලබා ගැනිමට පැමිණි දෙමාපියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් දැඩි අපහසුතාවයට පත්විය.

මේ පිළිබදව සොයා බැලිම සදහා නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යපන අමාත්‍ය විමලවිර දිසානායක මහතා එම ස්ථානයට පැමිණි අතර සොදිසි කිරිමෙන් අනතුරුව අමත්‍යවරයා කාර්යාලයේ අත්සන් ලේඛනය රැගෙන යන ලදි .

පසුව පැමිණි නිලධාරින් මෙම සිදු විම වාර්තා කිරිම සදහා එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් හටද බාධා කරමින් කටයුතු කරන්නට යෙදින.

මේ පිළිබදව අමාත්‍යවරයාගෙන් දිනමිණ විමසු විට පවසා සිටියේ .

"මට දුරකථන ඇමතුම් කිපයක්ම අවා අධ්‍යාපන කාර්යාලයේ වැඩ කරණ අය නැති නිසා මිනිස්සු රස්තියාදු වෙනවා කියලා .මම එතන්ට යන කොට දෙකයි කාලට විතර ඇති. ගිණුම් අංශයේ අයත් නෑ පාලන අංශයේ අයත් නෑ. කවුරුවත් නැති නිසා මම අස්සන් ලේඛනත් අරගෙන ආවා."

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා