දඹදෙණිය සංවර්ධනයට කෝටි 40ක්

දඹදෙණිය සංවර්ධනයට කෝටි 40ක්

දඹදෙණි ආසනයේ 2011 වසරේ සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 4000ක් වැය කිරීමට සැලසුම් කර තිබේ.

මින් හරි අඩකටත් වැඩි මුදලක් වැය කෙරෙනුයේ මාර්ග සංවර්ධනය සඳහාය.

දැනට තිබෙන ප්‍රධාන නගර වන අලව්ව, නාරම්මල සහ දඹදෙණිය නගරවල මාර්ග කාපට් කිරීමට සැලැසුම් කර ඇති අතර බෝයවලාන, බුජ්ජොමුව, මහාරච්චුමුල්ල යන නගර උප නගර ලෙස සංවර්ධනය කෙරේ.

අලව්ව නගරය කේන්ද්‍ර කරගෙන අවට මාර්ග සංවර්ධනය කිරීමේ දී අලව්ව නාරම්මල, අලව්ව ගිරිඋල්ල, අලව්ව නවතල්වත්ත යන මාර්ග සම්පූර්ණයෙන් කාපට් කෙරෙනු ඇත.

මෙසේ මාර්ග සංවර්ධනය කිරීමේ දී අලුතින් විදුලිය ලබාදීම හා විදුලි දිගු කිරීමද සිදුවන බව කුරණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා