කල්පිටියේ රතුලුනු බීජ මිල ඉහළට

කල්පිටියේ රතුලුනු බීජ මිල ඉහළට

කල්පිටිය රතුලුනු වගාව සඳහා යොදා ගන්නා බීජ ලුනු හොණ්ඩරයක මිල රුපියල් දාහතර දහස දක්වා ඉහළ ගොස් ඇතැයි කල්පිටියේ ලුනු ගොවියෝ පවසති.

යුදමය වාතාවරණය පහව යාමෙන් අනතුරුව යාපනයෙන් බීජ රතුලූනු සැපයුණු බවත්, පැවැති අයහපත් දේශගුණික තත්ත්වය නිසා යාපනයේ බීජ ලුනු මිල මෙසේ ඉහළ ගොස් ඇතැයි ඔවුහු පවසති.

දේශීය වෙළෙඳපොළට 40% කට ආසන්න රතු ලුනු සැපයුමක් සිදුකරන්නේ කල්පිටියේ රතු ලුනු ගොවියාය. මේ නිසා ඉදිරියේදී රතු ලුනු අස්වැන්න පහත වැටීමට ඉඩ ඇත්දැයි පුත්තලම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කලාප කාර්යාලයේ විෂය භාර නිලධාරි එල්. එම්. එන්. ෆාරුක් මහතා පවසයි.

බීජ ලුනු මිල ඉහළ යාමට විසඳුම් වශයෙන් කල්පිටියේ දුරදක්නා ලුනු ගොවියෝ තමන්ට අවශ්‍ය බීජ ලුනු තමන්ම නිෂ්පාදනය කර ගත්තා. එවැනි ගොවීන්ගේ හෙක්ටයාර් 150 ක 200 ක රතු ලුනු නිෂ්පාදන ඉදිරි කන්නයේදී වෙළෙඳපොළට එක්වෙනවා. ඒ නිසා එවැනි රතු ලුනු හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඉදිරියේදී බීජ ලුනු මිල පහත වැටෙන බවද ඒ මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා