ආදි මානවයා විසූ කිතුල්ගල බෙලිගල ලෙන

ආදි මානවයා විසූ කිතුල්ගල බෙලිගල ලෙන

ආදී මානවයා ජීවත් වූයේ යැයි සැලැකෙන කිතුල්ගල බෙලිලෙන යටියන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ය.

කිතුල්ගල නගරයේ සිට හැටන් දෙසට ටික දුරක් යන විට කිතුල්ගල පොලිස් ස්ථානය හමුවේ. පොලිස් ස්ථානය පසුකොට යාර 300ක් පමණ ගිය පසු වම් පසට බෙලිලෙන දක්වා දිවෙන මහබාගේ පාර හමුවේ. එතැන් සිට කිලෝමීටර් 4ක් ගිය තැන ඉන්ඔය දෙමළ විදුහල හමුවේ. එතැන් සිට තවත් කිලෝමීටර් 1 / 2 ගිය තැන බෙලිලෙන හමුවෙයි.

පුරා විද්‍යා වටිනාකමක් ඇති බෙලිලෙන 1978 – 1983 දක්වා කාලය තුළ පර්යේෂණයන්ට යොමු වී ඇත. මෙහි ජීවත් වූවා යැයි සැලැකෙන ආදි මානවයා ආහාර වශයෙන් ගෝනුන්, ඌරන්, වඳුරන්, ඉත්තෑවුන්, දඬුලේනුන් වැනි සතුන් අනුභවය සඳහා යොදා ගෙන ඇති බවට සාක්කි හමුවී ඇත.

මුහුදු බෙල්ලන් හා මසුන් ආහාරයට ගත් බවට ද සාධක හමු වී ඇති අතර එමගින් ආදී මානවයා මුහුදු වෙරළ සමඟ සබඳතා පවත්වා ඇති බව ද හෙළි වෙයි. මේ ස්ථානයෙන් හමු වී ඇති වසර 16000කට කාල නිර්ණය කළ හැකි සක්කගල්වලින් ද පෙනී යන්නේ අතීතයේ ඉදිකිරීම් තාක්ෂණයයි.

තවද පුරාණ මානවයා සත්ත්ව අවශේෂවලින් යුක්ත ක්ෂුද්‍ර මෙවලම් හා අස්ථි මෙවලම් භාවිතා කළ බවට ද ගින්දර භාවිතා කළ බවටද සාධක හමු වී ඇත.

නිමල් මහතා ලෙන අසල

1978 සිට මෙම බෙලිලෙන බාරව කටයුතු කර ඇත්තේ එම්. ආර්. සයිමන් නැමැත්තා ය. බෙලිලෙන හඳුනාගැනීමෙන් අනතුරුව මෙය නැරැඹීමට එන පිරිස දිනෙන්දින වැඩි විය. එම පිරිසට සියලු කරුණු ඉටු කෙළේ සයිමන් මහතා ය.

නරඹන පිරිසගෙන් බෙලිලෙන හා පරිසරය ආරක්ෂාකර ගැනීමේ කාර්යයභාරය ඉටු කෙළේ ද ඔහු ය. බෙලිලෙන නැරැඹීමට ගිය කාට වුවද සයිමන් මහතා හමු නොවුන අවස්ථාවක් නොමැති තරම් ය. මෙහි පර්යේෂණ සිදු කළ පර්යේෂකයන්ගේ ද පිහිටට හිටියේ ද සයිමන් මහතා ය.

1926 වර්ෂයේ උපත ලබා ඇති සයිමන් මහතා මාස කිහිපයකට පෙර අපෙන් සමුගෙන ගොස් ඇත. ඉන් අනතුරුව ඔහුගේ බාලපුත් එච්. ආර්. නිමල් ජයසිංහ මහතා වගකීම බාර ගෙන එම ලෙන රැක බලාගනී.

නිමල් මහතාට දරුවන් දෙදෙනෙකි. තම දරු දෙදෙනා හා බිරිය රැකබලා ගැනීමේ සටනක නිහාල් මහතා යෙදී සිටියි. අනියම් කම්කරු රැකියාවෙන් ලබන සොච්චම් වැටුපත්, බෙලිලෙන බලා හදා ගැනීමේ දීමනාවත් හැරුන විට ඔහුට වෙන ආදායමක් නැත.

ඒ පිළිබඳ අදහස් දැක් වූ නිමල් ජයසිංහ මහතා තාත්තා කළ කාර්යයභාරය මා කරගෙන යන්නේ සතුටින්. බෙලිලෙනට විදුලිය දෙනවා නම් බොහොම වටිනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා