ඇ. ඩොලර් මිලියනයක් සඟවා තිබූ පරණ ගුදිරිය් කුණු ගොඩට විසි කරලා

ඇ. ඩොලර් මිලියනයක් සඟවා තිබූ පරණ ගුදිරිය් කුණු ගොඩට විසි කරලා

අමෙරිකන් ඩොලර් මිලියනයක් සඟවා තිබූ පරණ ගුදිරියක් ඊශ‍්‍රායල කාන්තාවක් විසින් කසල ගොඩට විසි කර තිබූ බව එරටින් වාර්තා වේ. ටෙලිවිව්හි වැසියෙක් වන ඇනාට් නැමැති මේ කාන්තාව තම මව මේ පරණ ගුදිරිය තුළ විශාල මුදලක්සඟවා තිදූ බව දැන සිට නැත. ඇය අලුත් ගුදිරියක් මිලදී ගැනීමෙන් අනතුරුව පරණ ගුදිරිය කසල ගොඩට දමා තිබේ.

ගුදිරිය තුළ ඩොලර් මිලියනයක් සඟවා තිබූ බව ඇය දැන ගැනීමට පෙර කසල ඉවත් කරන්නන් විසින් එම ගුදිරිය කසල පුරවන ස්ථානයකට ගෙන ගොස් දමා තිබිණි.

මේ සිද්ධියේ ඉමහත් කනස්සල්ලට පත් මේ කාන්තාව දැන් කසල ගොඩගසන ස්ථාන කිහිපයක්ම සිසාරමින් තම ‘නිධානය’ සොයමින් සිටින බව එරට හමුදා ගුවන් විදුලිය වාර්තා කරයි. කසල ගොඩගසන ස්ථාන වටා ආරක්ෂක විධි විධාන තරකර ඇති අතර කසල ඉවත් කිරීමේ කටයුතු බාරව සිටින සමාගමද මේ ‘නිධානය’ සෙවීමේ කටයුතුවල දැන් නිරතව සිටී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා