න්‍යෂ්ටික අවි පරිහරණය නතර කිරීමට රුසියාව සූදානම්

න්‍යෂ්ටික අවි පරිහරණය නතර කිරීමට රුසියාව සූදානම්

රුසියානු ජනපති පුටින්

න්‍යෂ්ඨික ආයුධ ඇති අනිකුත් රටවල් එම ආයුධ පරිහරණය නතර කරන්නේ නම්, රුසියාවද න්‍යෂ්ඨික ආයුධ වලින් තොර රටක් බවට පත් කිරීමට තමා සූදානම් බව රුසියන් ජනාධිපති වැල්ඩිමීර් පුටින් පවසා ඇත.

ඔහු මේ අදහස් ප‍්‍රකාශකර ඇත්තේ ජර්මන් විදේශ අමාත්‍යවරයා සමඟ නොබෝදා පැවැති සාකච්ඡාවක දී ය. ඇමෙරිකාව මුල් වරට ධ්ධ් වන ලෝක යුද සමයේදී ජපානයට න්‍යෂ්ටික ආයුධ වලින් පහර දුනි.

ලෝකය න්‍යෂ්ඨික ආයුධ වලින් තොර කිරීමට නම්, මුලින්ම ඒවා නිපදවා භාවිත කළ අය ඒවා පාවිච්චිය නතර කළ යුතුªබව ජනාධිපති පුටීන් අවධාරණය කෙළේ ය.

නිල සහ නිල නොවන ආකාරයට න්‍යෂ්ඨික ආයුධ ඇතැතිව සිටින රටවල් න්‍යෂ්ඨික ආයුධ පාවිච්චිය අත්හැර දමන්නේ නම්, තම රටද ඊට පූර්ණ දායකත්වය ලබාදීමට සූදානම් බව ඔහු ප‍්‍රතිඥා දුන්නේ ය.

අමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා ලබන මස ජනාධිපති පුටින් හමුවීම සඳහා මොස්කව් වෙත පැමිණීමට නියමිත ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා