මානව හිමිකම් සුරකින්න

මානව හිමිකම් සුරකින්න

කාශ්මීරයේ ඉන්දු ආරක්ෂක බළකායන්ට චිදම්බරම් කියයි

මුස්ලිම් කාන්තාවන් දෙදෙනකු දූෂණය කොට මරා දමන ලදැයි චෝදනා ලැබ සිටින ඉන්දීය – කාශ්මීරයේ ආරක්ෂක බළකායන්ගෙන්, මානව හිමිකම් සුරැකීමට වගබලා ගන්නැයි ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති පී. චිදම්බරම් පෙරේදා ඉල්ලා සිටියේ ය.

ඉකුත් මැයි 30 දා මියගිය කාන්තාවන් දෙදෙනාගේ මළසිරුරු හමුවූ තැන්පටන් ඉන්දීය විරෝධී ප‍්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ දිනපතා පවතී.

චිදම්බරම් ඇමැතිවරයා ඉහත ප‍්‍රකාශය කළේ කාශ්මීර ආරක්ෂක තත්ත්වය විමසීමේ දෙදින සංචාරයක නිරතව සිටිය දීය. ඔහු ප‍්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් සේම බුද්ධි අංශ නිලධාරීන් ද හමු වී ඇත.

මානව හිමිකම් කඩ කිරීම් කිසිසේත් නොඉවසන ලෙස ඔහු මේ නිලධාරීන් ගෙන් ඉල්ලා සිටියේ ය. මේ අතර පෙරේදා වීදි බට රජයේ සේවකයන් සිය ගණනක පිරිසක් අපරාධ කරුවන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලා සිටියහ.

ඔවුන් කාන්තා ඝාතනයට විරෝධය දක්වමින් කළු අත්පටි බැඳ තිබිණි. ඔවුන්ගේ පෙළපාළි සාමකාමී වූ අතර නායකයන් කීපදෙනකු රැස්ව සිටියවුන් අමතමින් පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස හෝ තව තවත් විරෝධතාවලට මුහුණදෙන ලෙස රජයෙන් ඉල්ලා තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා