හරිත වායු අඩු කරන නිර්දේශ ධනවත් රටවල් නොතකා හැරලා

හරිත වායු අඩු කරන නිර්දේශ ධනවත් රටවල් නොතකා හැරලා

එ. ජා. දේශගුණ සමුළුවේදී ඉන්දියාව දොස් පවරයි

ඉකුත් බ‍්‍රහස්පතින්දා ජර්මනියේ පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේදී ධනවත් රටවල් ඉන්දියාවේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. 1990 දී නිකුත් කළ හරිත වායු ප‍්‍රමාණය 2020 දී අඩකින් අඩු කළ යුතු බවට විද්‍යඥයන් විසින් කරන ලද නිර්දේශ ධනවත් රටවල් නොතකා හැර ඇතැයි ඉන්දියාව චෝදනා කරයි.

මෙම ප‍්‍රමාණය 40 % කින් අඩු කළ යුතු බව චීනය කියයි. දේශගුණික වෙනස්කම් පිළිබඳ ජගත් සමුළුව දෙසැම්බරයේදී කෝපන්හේගන්හිදී පැවැත්වීමට නියමිතය. දින 12 ක් පුරා බොන්හි පැවැත්වෙන මෙම සමුළුව ඊයේ අවසන් වීමට නියමිතව තිබිණි.

ඉන්දිය විශේෂ නියෝජිත ෂයම් සරත් ඉහත චෝදනාව එල්ල කරන අවස්ථාවේදී නිශ්චිත රටක් සඳහන් නොකළත් එම චෝදනාව එල්ල කරනු ලැබුවේ අමෙරිකාවට සහ ජපානයට බව ඒත්තු ගොස් ඇත.

මේ දෙරට හරිත වායුව මුදා හරින රටවල් අතුරින් ලොව දෙවන සහ හතරවන රට ලෙස ශ්‍රේණිගත කර ඇත. 2020 වන විට හරිත වායු විමෝචනය 15 % කින් අඩුකරන බව ජපානය කියයි.

මේ අතර අමෙරිකාව හරිත වායු විමෝචනය 17 % ින් අඩු කිරීමට ප‍්‍රතිඥා දී තිබේ. 2007 දී නෝබල් ත්‍යාගය දිනු දේශගුණික වෙනස්කම් පිළිබඳ අන්තර් රාජ්‍ය සංවිධානය විසින් දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාල සැලසුමක් ඉදිරිපත් කර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා