අර්ථික අර්බුදයට මුහුණ දෙන ඕස්ටේ‍්‍රලියාවට දැන් සූකර උණ තර්ජනයක්

අර්ථික අර්බුදයට මුහුණ දෙන ඕස්ටේ‍්‍රලියාවට දැන් සූකර උණ තර්ජනයක්

සූකර උණ ගෝලීය වසංගතයක් සේ පැතිරී යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව, ඕස්ටේ‍්‍රලියාව විසින්ද සූකර උණ අවදානම් මට්ටම වැඩි කිරීමට තීරණය කර තිබේ.

ගෝලීය ආර්ථික අවපාතයේ ප‍්‍රබලතම බලපෑමට ලක්වී ඇති ආසියා - පැසිපික් කලාපයේ රට වන ඕස්ටේ‍්‍රලියාවට දැන් සූකර උණද තර්ජනයක් වී ඇතැයි එරට අගමැති පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මින් ඉහතදී වසංගත තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කළේ අවුරුදු 40කට පෙරයි.

වැඩි අවදානම් මට්ටමක් ප‍්‍රකාශයට පත්කිරීමත් සමග ආණ්ඩුවට කී‍්‍රඩා තරග අත්හිටුවීම, සංචාරක කටයුතු සීමා කිරීම, ජාතික දේශ සීමා වසා දැමීම වැනි පියවර ගත හැකිවේ.

මෙම අර්බුදකාරී අවස්ථාවට මුහුණදීමට ඕස්ටේ‍්‍රලියාව හොඳ සූදානමකින් සිටින බව අගමැති කෙවින් රඩ් කියයි. ඕස්ටේ‍්‍රලියාවේ මෙතෙක් හඳුනාගෙන ඇති සූකර උණ රෝගීන් සංඛ්‍යාව 1,307 කි.

ඕස්ටේ‍්‍රලියන් ජනතාව නිරතුරුව එහා මෙහා සංචාරය කරන පිරිසක් වීම නිසා රෝගය පාලනය කිරීමේලා ප‍්‍රශ්න උද්ගත විය හැකි බවද අගමැතිවරයා අනතුරු ඇඟවීය. මෙම ඩ් 1 ව් 1 ආසාධිතයට ගොදුරු වූ රටවල් අතුරින් ඕස්ටේ‍්‍රලියාව පස්වන තැන සිටී.

මුල්ම සූකර උණ ආසාධිතයා ඉකුත් අප්‍රේල් මාසයේදී මෙක්සිකෝවෙන් සොයාගන්නා ලදී. දැනට මෙම රෝගය රටවල් 74 තුළ පැතිර තිබේ.

මෙම රෝගයෙන් ආසාධනයට පත් සම්පූර්ණ සංඛ්‍යාව 28,000 කි. මියගිය සංඛ්‍යාව 141 කි. කැන්බරා අගනුවර අවට ද මෙම රෝගය ශීඝ‍්‍රයෙන් පැතිර යන බව වාර්තාවේ.

මින් පෙර මෙවැනි උණ වසංගතයක් ලොව පුරා ව්‍යාප්තවූයේ 1968 - 69 දී ඩ් 3 ඩ් 2 වෛරස් උණ පැතිරීගිය අවස්ථාවේය. එම වසංගතයෙන් මිලියන දෙකක් පමණ මිය ගියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා