ඩිල්ෂාන් පෙරමුණේ

ඩිල්ෂාන් පෙරමුණේ

විස්සයි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ මෙතෙක් පිතිකරුවකු රැස්කර ඇති වැඩිම ලකුණු එකතුව ටී. එම්. ඩිල්ෂාන් වාර්තා කර ඇත.

තරග 5 කට කී‍්‍රඩා කර පන්දු 157 කදී ලකුණු 221 ක් ලබා ඇති ඩිල්ෂාන්ට දකුණු අපි‍්‍රකාවේ ඒ. බී. ඩී. විලියර්ස් (ලකුණු 185) හා ජැක් කලීස් (ලකුණු 174) පසුපසින් සිටී. ඩිල්ෂාන් ඉනිම 5 කට මුහුණ දී අර්ධ ශතක 2 ක් වාර්තා කෙළේය. ඔහු මෙතෙක් හතරේ පහර 34 ක් හා හයේ පහරක් වාර්තා කෙළේය.

ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 74 කි. ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 44.20 කි. මහේල ජයවර්ධන තරග 5 කදී ලකුණු 151 ක් ලබා හත්වැනි ස්ථානයේ පසුවේ.

පන්දු යවන්නන් අතරින් ලසිත් මාලිංග තරග 5 කදී කඩුලු 11 ක් ද, අජන්ත මෙන්ඩිස් තරග 5 කදී කඩුලු 10 ක් ද ලබා සිටිති. පන්දු යවන්නන් අතරින් උමාර් ගුල් කඩුලු 12 ක් ලබා පෙරමුණේ පසුවන අතර සහීඩ් අජ්මාල් කඩුලු 11 ක් ලබා සිටී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා