ජාතික සූරයෝ පරාජය කරමින් නිශාන්ත-රෝෂිතා සුරතා දිනති

10 වැනි සභාපති කුසලාන කැරම්

ජාතික සූරයෝ පරාජය කරමින් නිශාන්ත-රෝෂිතා සුරතා දිනති

ශ‍්‍රී ලංකා කැරම් සම්මේලනය 10 වැනි වරටත් සංවිධානය කළ සභාපති කුසලාන කැරම් තරගාවලියේ දී කැරම් ජාතික සුරයා සහ සුරිය දෙදෙනාම පරාජය කරමින් නිශාන්ත ප‍්‍රනාන්දු සහ ජෝසප් රෝෂිතා සූරතා දිනා ගත්හ.

කැරම් සම්මේලන මූලස්ථානයේ පැවති මේ තරගාවලියේ දී නිශාන්ත ප‍්‍රනාන්දු සූරතාව දිනා ගත්තේ පිට පිට ම සිවු වැනි වතාවටය. ඔහු අවසන් තරගයේ දී පිට පිට පස් වතාවක් ජාතික සූරයා වූ චමිල් කුරේ 2 – 1 ක් ලෙස පරාජය කළේය. ලකුණු තත්ත්වය වූයේ 18 / 25, 25 / 14 සහ 25 / 20 කි. නිශාන්ත මීට අමතරව විරාජ් ප‍්‍රනාන්දු සමග එක්වෙමින් 25 / 10 ක් සහ 25 / 9 ක් ලෙස චමිල් කුරේ සහ ජර්මේන් ගුණවර්ධන පිරිමි යුගල තරගයේදී පරාජය කිරීමට මුල් විය.

කාන්තා තරගාවලියේදි බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ කන්‍යාරාමයේ ජෝසප් රෝෂිතා විසින් නුගේගොඩ අනුලා විද්‍යාලයේ මධුෂිකා කාංචනමාලා 25 / 1 ක් සහ 25 / 6 ක් ලෙස පරාජය කළාය. ඔවුන් දෙදෙනාම ශ්‍රේණිගත තරගාවලියක අවසාන තරගයට සුදුසුකම් ලැබූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

ආධුනික තරගකරුවන් වුවද ඔවුන් දෙදෙනා අවසන් පූර්ව වටයේ දී ජාතික සූරියන් වන නයනා වික‍්‍රමසිංහ සහ යශිකා රාහුබද්ධ පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීම කැපී පෙනුණි. රෝෂිතා මීට අමතරව ශෂිකා සඳමාලි හා එක්ව කාන්තා යුගල තරගයේ දී 0 / 25, 25 / 23 සහ 25 / 20 ලෙස බුද්ධිනී ඩයස් සහ නෙත්මි උමංගා පරාජය කිරීමට හවුල් වූවාය.

තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානය ශ‍්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති ඩබ්ලිව්. අමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා