විනිසුරුට තර්ජනය කිරීම හේතුවෙන් නවතා දැමූ නාවික - බ්ලූස්ටාර් තරගය දැඩි රැකවල් මැද

විනිසුරුට තර්ජනය කිරීම හේතුවෙන් නවතා දැමූ නාවික - බ්ලූස්ටාර් තරගය දැඩි රැකවල් මැද

කලහකාරී නරඹන්නන් පිරිසක් කී‍්‍රඩා පිටිය මැදට කඩාවැදී විනිසුරුට තර්ජනය කිරීම හේතුවෙන් නවතා දැමූ නාවික හමුදා - කළුතර බ්ලූස්ටාර් අතර තරගය දැඩි ආරක්ෂාව මැද 20 දා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේ දී පැවැත්වීමට තීරණය විය.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන හොල්සිම් එෆ්. එ්. කුසලාන පාපන්දු තරගාවලියේ නාවික - බ්ලූස්ටාර් අතර කලුතර දුම්රිය කී‍්‍රඩාංගණයේ පැවැති තරගය නිමාවීමට ආසන්නව තිබියදී මතුවූ කළහකාරි තත්ත්වය හේතුවෙන් තරගය අත්හිටුවීමට විනිසුරුට සිදුවිය. මේ පිළිබඳව ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පැවැති පරීක්ෂණයකදී නැවත තරගය පැවැත්වීමට තීරණය විය.

මේ තරගයේ නියමිත කාලයේ දී දෙපිලම ගෝල් 1 බැගින් ලබා සිටි අතර පසුව දඩුවම් පහර ප‍්‍රදානය විය. මෙහි දී බ්ලුස්ටාර් පිල දඬුවම් පහර 5ක් සාර්ථක කරගත් අතර නාවික හමුදාව 5 වැනි දඩුවම් පහර එල්ල කිරීමෙන් පසුව මතභේදයක් හටගත්තේ ය.

එම පහර ගෝල් රකින්නා ආවරණය කළ බවට එක් මතයක් ද එය ගෝලයක් බව තවත් මතයක් ද ප‍්‍රකාශ වී නරඹන්නන් කී‍්‍රඩා පිටියට කඩා වැදී තරග විනිසුරුට තර්ජනය කිරීම හේතුවෙන් තරගයේ තීරණය අත්හිටුවීමට සිදුවිය.

මේ අතර කළුතර දුම්රිය කී‍්‍රඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ කළුතර පාක් කී‍්‍රඩා සමාජය සමග තරගයට මාලිගාවත්ත යූත් කී‍්‍රඩා සමාජය නොපැමිණීම ගැන ද පාපන්දු සම්මේලනයේ දී පරීක්ෂණයක් පැවැත්වුණි.

එම තරගය ද නැවත පැවැත්වීමට තීරණය විය. මාලිගාවත්ත යූත් කී‍්‍රඩා සමාජයට තරගය පැවැත්වීම පිළිබඳ ලිපිය නියමිත දිනට නොලැබුණු බව දැනුම්දීම හේතුවෙන් තවත් අවස්ථාවක් ලබාදීමට සම්මේලනය තීන්දු කර ඇත.

එෆ්. ඒ. කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි රත්නම්, සෝන්ඩර්ස් හා පොලිස් කණ්ඩායම් පසුගිය සති අන්තයේ පැවැති තරගවල දී දඩුවම් පහර මගින් ජය තහවුරු කර ගත්හ.

රත්නම් හා ඕල්ඩ් බෙන්ස් අතර තරගය ගෝල් 4 – 2 කින් රත්නම් කී‍්‍රඩා සමාජය ද, සෝන්ඩර්ස් හා දොන් බොඩිකෝ අතර තරගය ගෝල් 4 – 2 කින් සෝන්ඩර්ස් පිල ද, පොලිස් හා ජාවාලේන් අතර තරගය ගෝල් 5 – 3 කින් පොලිස් කී‍්‍රඩා සමාජය ද ජය වාර්තා කළහ.

මාරිස්ටෙලා විදුහල් පිටියේ පැවැති ගුවන් හමුදාව හා නිගම්බු යූත් අතර තරගය ගෝල් 1 – 0 කින් ගුවන් හමුදාව ජය වාර්තා කෙළේය. පසුගිය වසරේ එෆ්. ඒ. කුසලාන අනුසූරයන් වූ සිවිල් ආරක්ෂක බලකා කණ්ඩායම වෙතින් ගෝල් 2 – 1 කින් රිනවුන් පිල පරාජය වූ අතර යුද හමුදාව වෙතින් ගෝල් 3 – 0 පරාජයක් වෙන්නප්පුව නිව්යංග්ස් පිලට හිමිවිය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා