ජෝන් ටාබට් මලල කී‍්‍රඩා 19දා සිට

ජෝන් ටාබට් මලල කී‍්‍රඩා 19දා සිට

ශ‍්‍රී ලංකා පාසල් මලල කී‍්‍රඩා ජෝන් ටාබට් සමස්ථ ලංකා කනිෂ්ඨ පාසල් මලල කී‍්‍රඩා තරගය මෙම මස 19, 20 සහ 21 යන දිනවල වෙන්නප්පුව ශ‍්‍රීමත් ඇල්බට් එෆ් පීරිස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

නෙස්ලේ ලංකා සමාගමේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මේ මලල කී‍්‍රඩා තරගය සඳහා පාසල් 360 ක් සහභාගි වෙන අතර කී‍්‍රඩකයින් 1850 ක්ද කී‍්‍රඩිකාවන් 1430 ක්ද සහභාගි වෙති. කී‍්‍රඩකයින් සඳහා වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයත් කී‍්‍රඩිකාවන් සඳහා වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයත් නවාතැන් සඳහා සූදානම් කර ඇත.

මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන කේ. ඒ. කරුණාරත්න අනුස්මරණ අභියෝග සූරතා වයස අවුරුදු 20 න් පහළ බාලක අර්ධ මැරතන් තරගයක්ද තමරා පද්මිණි අභියෝග සූරතා 20 න් පහළ බාලිකා අර්ධ මැරතන් තරගයක්ද පැවැත්වේ.

ඒ සඳහා සහභාගි වන සියලුම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තම විදුහල්පති වෙතින් සහතික කරන ලද අයදුම්පතක් සමග ජුනි මස 21 වැනිදා පෙරවරු 6.00 ට ශ‍්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් කී‍්‍රඩාංගණය වෙතට පැමිණිය යුතු බව පාසල් මලල කී‍්‍රඩා සංගමය දන්වා සිටී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා