අතු පාහින්න ගස් ගිය අයකු දෙබර විසෙන් මරුට

අතු පාහින්න ගස් ගිය අයකු දෙබර විසෙන් මරුට

ගසේ අත්තක එල්ලෙමින් තිබූ දෙබර කූඩුව දඬුබෑයක් හැටියට වරදවා වටහාගෙන ගසට නැග ගසේ අතු පෑහීමේ යෙදී සිටි බෙම්මුල්ල ප‍්‍රදේශයේ කුලියට ගස් කපන්නෙකු දෙබරු ඇන එම විසෙන් මරණයට පත්වී ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ බෙම්මුල්ලේ තලවිටිය ගමරාළලාගේ කරුණාරත්න (47) නමැත්තෙකි.

මොහු ගසට නැගීමට පෙර දෙබර කූඩුව දැක ඇතත්, එය දඬුබෑයක් බව කියමින් ගසට නැග ඇත. ගසේ අතු පාහිද්දී දෙබරු ඇවිස්සී ඔහුට දෂ්ඨ කිරීමට පටන්ගෙන ඇති අතර, දෙබර ප‍්‍රහාරය කාගෙනම හෙතෙම බිමට බැස ඇත. පසුව ගම්පහ රෝහලට ඇතුළත් කරන ලදුව ඉකුත් දා (10) රාති‍්‍ර 12.00 ට පමණ මිය ගොස් ඇත.

පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අයි. වික‍්‍රමාරච්චි මහතා, දෙබරුන් දස්ට කිරීම නිසාවූ විෂ ශරීරගත වීමෙන් මරණය සිදුවී ඇතැයි නිගමනය කෙළේ ය.

ඉදිරිපත් වූ සාක්කි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක පී. පී. ආර්. පී. රාජපක්‍ෂ මහතා මෙය දෙබර විසෙන් සිදුවූ මරණයක් බවට තීන්දු කෙළේ ය.

වේයන්ගොඩ පොලිසියේ උ. පො. ප. කැලුම් මහතා සාක්කි මෙහෙයවීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා