ඩෙංගු මර්දනයට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි

ඩෙංගු මර්දනයට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි

අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි සී.පී.විජේසූරිය

වර්ෂ 1967 සිට වරින්වර ඩෙංගු රෝගය මේ රටේ පැතිරී ගොස් ඇති බවත් ඒ නිසා මෙය මර්දනය කිරීම සඳහා අද රටට කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය වී තිබෙන බවත් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී සී.පී.විජේසූරිය මහත්මිය පැවැසුවාය.

අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණිය එසේ පැවැසුවේ බියගම ප‍්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් ඩෙංගු මර්දන වැඩසටහන පිළිබඳව බියගම ආසනයේ රාජ්‍ය නිලධාරීන් හා පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පසුගියදා බියගම ආයෝජන මණ්ඩල කලාප ශ‍්‍රවණාගාරයේ පැවැති පුහුණු වැඩමුළුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් කතා කළ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණිය මෙසේ ද කීවා ය.

2006 වසරේ රට පුරා ඩෙංගු රෝගය පැතිරී ගිය අවස්ථාවේ එය බියගම කොට්ඨාසයට ද තදින් බලපෑවා. ඉතින් එදා අපි ප‍්‍රාදේශීය සභාව හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව ඩෙංගු මර්දන වැඩසටහනක් කි‍්‍රයාත්මක කළා. ඒ හේතුවෙන් 2007 වසර වන විට ලංකාවේ ඩෙංගු රෝගය අඩුවෙන්ම තිබූ කොට්ඨාසය වුනේ බියගමයි.

නමුත් අද වනවිට බියගම ඩෙංගු රෝගය උත්සන්න වී තිබෙනවා. ඒකයි මෙය මර්දනය කිරීම සඳහා කෙටිකාලීන හා දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් රටට අවශ්‍ය වී තිබෙන්නේ.

බියගම ප‍්‍රාදේශීය ලේකම් සමන් පෙරේරා මහතා ඩෙංගු මර්දනය කිරීමට නම් සිවිල් ප‍්‍රජාව කි‍්‍රයාකාරී ලෙස දායක කර ගන්නට ඕනෑ. ඒ සඳහා ඔවුන් දැනුවත් කිරීම අවශ්‍ය වී තිබෙනවා. ඒ අනුව මෙවැනි වැඩමුළු ඉමහත් රුකුලක් වනවා.

මීගහවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශී‍්‍රනීක සංජීව ජයකොඩි බියගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති එම්.ඒ.මංජුල ප‍්‍රසන්න සම්පත්,

කොළඹ මහ නගර සභාවේ වැඩබලන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ඒ.ජේම්ස්, ධයගම ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නලින් සේනක දිසානායක (එ.ජ.නි.ස.), ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් වන කේ.ඒ.ගුණසිංහ (එ.ජ.නි.ස.), ආනන්ද අබේසේකර(ජ.වි.පෙ.), බියගම ප‍්‍රජා සංවර්ධන නිලධාරී එල්.හපුආරච්චි සහ මීගහවත්ත පොලිසියේ සිවිල් ප‍්‍රජා කමිටු ඒකකයේ ස්ථානාධිපති කේ.ඒ.ඩබ්ලිව්.එම්. කොඩිකාර යන මහත්වරු හා බියගම ප‍්‍රාදේශීය සභාවේ ලේකම් කේ.එච්.එස්.අබේසුන්දර මහත්මිය ද අදහස් දැක්වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා