ගම්පහ දිස්ති‍්‍රක්කයට ප‍්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති 184ක්

ගම්පහ දිස්ති‍්‍රක්කයට ප‍්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති 184ක්

ප‍්‍රජා ජල සම්පාදන හා සනීපාරක්‍ෂක ව්‍යාපෘතියේ ගම්පහ දිස්ති‍්‍රක් කාර්යාලය මේ වන විට ජල සම්පාදන ව්‍යාපෘති එකසිය අසූහතරක් හා සනීපාරක්‍ෂක වැසිකිළි හාරදහස් එකසිය හැටහතක් දිස්ති‍්‍රක්කයට ලබා දී ඇති බව එම ව්‍යාපෘතියේ ප‍්‍රජා සංවර්ධන නිලධාරී මංගල මුණසිංහ මහතා පැවැසීය.

එම ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් අසූතුන්කෝටි දස ලක්‍ෂයකි. පානීය ජල ව්‍යාපෘති ලබාදී ඇත්තේ ගම්පහ 24 ක්, අත්තනගල්ල 30 ක්, කටාන 19 ක්, දිවුලපිටිය 25 ක්, මීරිගම 34 ක්, මහර 17 ක්, ජා-ඇළ 6ක්, දොම්පේ 14 ක් හා මිනුවන්ගොඩ 15 ක් ලෙස ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස නවයකටය.

පාසල් ජල සම්පාදන විශේෂ ව්‍යාපෘති හතක්ද කි‍්‍රයාත්මක කර ඇත. ප‍්‍රජා මූල සංවිධාන හරහා ඉදිකිරීම් කටයුතු සිදුකිරීම නිසා රුපියල් දහසය කෝටි හය ලක්‍ෂයක ප‍්‍රජා දායකත්වයක් හිමි වී තිබේ.

නිවාස හතළිස් දහස් හැත්තෑපහකට හා ප‍්‍රතිලාභීන් දෙලක්‍ෂ තුන්සිය හැත්තෑපස් දෙනකුට ව්‍යාපෘතිවල සේවා හිමි වී ඇත. නාගරික සංවර්ධන හා පූජා භූමි අමාත්‍යංශය ප‍්‍රතිපාදන මුදල් ලබා දී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා