එෆ්. ඒ. පාපන්දු සූරයන් පරදී:

එෆ්. ඒ. පාපන්දු සූරයන් පරදී:

යුද හමුදාව-රත්නම් අවසන් තරගයට

හොල්සිම් එෆ්. ඒ. කුසලාන පසුගිය සූරයන් වූ ශ‍්‍රී ලංකා පොලිස් පාපන්දු පිල දඩුවම් පහර 4 – 3 කින් පැරද වූ ශ‍්‍රී ලංකා යුද හමුදා කී‍්‍රඩකයෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ. ඒ අනුව රත්නම් – යුද හමුදා අතර අවසන් තරගය අගෝස්තු 01 දා පැවැත්වීමට නියමිතය.

කොම්පඤ්ඤවීදිය සිටි ලීග් කී‍්‍රඩාංගණයේ ඊයේ පැවැති පොලිස් යුද හමුදා අතර තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර දෙපිලම ගෝල් වාර්තා නොකළහ.

තරගයේ ජයග‍්‍රාහි ගෝලය යුද හමුදා පිලේ එම්. ඉසෙදීන් වාර්තා කෙළේය. තරගයේ මුල සිටම යුද හමුදා පිල ආක‍්‍රමණශීලී කී‍්‍රඩා විලාශයක් අනුගමනය කෙළේය. යුද හමුදා පිල පසුගිය ප‍්‍රිමියර් ලිග් සූරතාව දිනාගත් අතර රත්නම් පිල පරාජයට පත් කෙළේය.

රත්නම් - සෝන්ඩර්ස

රත්නම් - සෝන්ඩර්ස් අතර තරගය දඬුවම් පහර 4 – 3 ක් ලෙස රත්නම් පිල ජය වාර්තා කෙළේය. කසුන් ජයසූරිය මෙහෙය වූ රත්නම් පිලට පළපුරුදු කී‍්‍රඩකයන් 7ක් එක් නොවූහ.

තරගයේ නියමිත කාලයේදී දෙපිලම ගෝල් වාර්තා කිරීමට සමත් නොවුණි. කෙසේ වුවද සෝන්ඩර්ස් පිල තරගයේ මුල සිටම ප‍්‍රබල කී‍්‍රඩා විලාශයක් පෙන්වීය.

යොවුන් ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත සෝන්ඩර්ස් පිලට ගෝල් ලබාගැනීමේ පහසු අවස්ථා කිහිපයක්ම මගහැරී ගියේය.

රත්නම් - සෝන්ඩර්ස් අතර තරගය සිටි ලීග් කී‍්‍රඩාංගණය නවීකරණයෙන් පසුව පැවැති ප‍්‍රථම තරගය වීමද විශේෂත්වයකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා