එල්. වී. ජයවීර බොක්සිං සූරතාව පේරාදෙණිය මැදි විදුහලට

එල්. වී. ජයවීර බොක්සිං සූරතාව පේරාදෙණිය මැදි විදුහලට

ශී‍්‍ර ලංකා පාසල් බොක්සිං සංගමයේ මෙහෙයවීමෙන් නවක කී‍්‍රඩකයින් සඳහා වාර්ෂිකව පවත්වනු ලබන එල්. වී. ජයවීර අනුස්මරණ කුසලාන තරගාවලියේ සූරතාව ලකුණු 28ක් ලබාගත් පේරාදෙණිය ම. ම. විද්‍යාලයට හිමි විය.

මෙම තරගාවලියේ අනුශූරතාව ලකුණු 19ක් ලබාගත් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය විසින්ද තෙවන ස්ථානය ලකුණු 18ක් ලබාගත් දෙල්ගොඩ කළ්‍යාණප‍්‍රදීප විද්‍යායතන පිරිවෙනද හිමිකර ගත්හ.

සටන් කලා කී‍්‍රඩාවන් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පනවා තිබූ තාවකාලික තරග තහනම ඉවත් කිරීමෙන් අනතුරුව පිලිමතලාව ම. ම. විද්‍යාලයීය බොක්සිං වලල්ලේ පැවති මෙම තරගාවලිය සඳහා දිවයිනේ පාසල් 34 කින් කී‍්‍රඩකයින් 200 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.

 පාසල් ඉතිහාසයේ ප‍්‍රථමවරට මඩකලපුව දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් පාසල් 04ක් සහභාගීවීම සුවිශේෂී සිදුවීමක් විය. මෙයට අමතරව මෙම තරගාවලිය සඳහා ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයෙන් පාසල් 02ක් ද, මහනුවර, ගම්පහ සහ මාතර දිස්ති‍්‍රක්කවලින් එක් පාසල බැගින්ද මෙම තරගාවලියට එක්විය.

මෙම තරගාවලියේ ආරම්භක උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර ජය සංකේත ප‍්‍රදානය ආධුනික බොක්සිං සංගමයේ හිටපු සභාපතිවරයෙකු වූ කේ. වී. ධර්මදාස මහතා අතින් සිදු කෙරිනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා