ශ‍්‍රී ලංකා මැරතන් සූර-සූරියන්ට

ශ‍්‍රී ලංකා මැරතන් සූර-සූරියන්ට

ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවෙන් ඉතිහාසගත වැඩිම තෑගි මුදල

මිහිමත විශාලතම මැරතන් තරගාවලිය ජයගත් ශ‍්‍රී ලංකා මැරතන් සූර සූරියන්ට ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව ඇ. ඩො. 116,000 ක තෑගි මුදල් පිරිනැමුවේය.

ලොව ඉතා දුෂ්කරම මැරතන් තරග 4 ක් ලෙස සැලකෙන නයිරෝබි, සිංගප්පූරු, මුම්බායි හා හොංකොං තරගවලට සහභාගී වී දක්ෂතා පෙන්වූ සුජීව චන්ද්‍රපාල, පී. සිවපෙරුමාල්, අජිත් බණ්ඩාර, ඉෂාන් කුමාර, චන්ද්‍රාවතී මාරසිංහ, රුවිනා දීපානි, ලක්මිණි බෝගහවත්ත හා මංජුලා කුමාරසිංහ යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මුදල් තෑගි පිරිනැමුණි.

හොංකොං නගරයේ පැවැති අවසාන තරගයේදී ඉෂාන් කුමාර පැය. 2 : 24 : 02 පෞද්ගලිකව හොඳම දක්ෂතාව පෙන්වා තායිලන්තය පරාජය කර ප‍්‍රාදේශීය ගණයෙන් ඉදිරියට පැමිණියේය.

කාන්තා ප‍්‍රාදේශීය අවසන් තරගයේදී ඉන්දුනීසියාව අභිබවා ඉදිරියට පැමිණි මංජුලා කුමාරසිංහ පැය 3 : 00 : 04 කාලයක් වාර්තා කළාය. එය තත්පර 4 ක ඉදිරියක් වූ අතර ප‍්‍රබල කී‍්‍රිකාවන් අතරේ ශ‍්‍රී ලංකාවට විශිෂ්ට ජයක් ද විය.

ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවෙන් මුදල් තෑගි ලබාගත් මැරතන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්

නයිරෝබි තරගයේදී සුජීව චන්ද්‍රපාල පැය 2 : 38 : 12 කින්ද චන්ද්‍රාවතී මාරසිංහ පැය 3 : 13 : 03 කින්ද, සිංගප්පූරු තරගයේදී ජී. සිවපෙරුමාල් පැය 2 : 54 : 48 කින්ද රුවිනා දීපානි පැය 3 : 06 : 53 කින්ද මුම්බායි තරගයේදී අජිත් බණ්ඩාර පැය 2 : 24 : 30 කින්ද ලක්මිණි බෝගහවත්ත පැය 3 : 09 : 35 කින්ද නිම කර දක්ෂතා දැක්වූහ.

මේ ජයග‍්‍රාහී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ජාතික කණ්ඩායමට ඇතුළත් කිරීමටද ශ‍්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය තීරණය කර ඇත.

ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව 2004 සිටම මිහිමත විශාලතම තරගය ඇතුළු අන්තර්ජාතික මැරතන් තරග 16 කට වැඩි ප‍්‍රමාණයකට අනුග‍්‍රහය දක්වා ඇත. පසුගිය වසරේ නුවරඑළිය මාර්ග ධාවන තරගය (කි. මී. 18) සඳහා ද ස්ටෑන්ඩර්ඩ් චාටඩ් අනුග‍්‍රහය ලැබුණි.

ශ‍්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගම් මූලස්ථානයේදී මැරතන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තෑගි මුදල් ප‍්‍රදානය සිදු කෙරුණු අතර පාරිභෝගික බැංකුකරණ ප‍්‍රධානී අනිර්වන් ගොෂ් ඩැස්ටිඩාර් මහතා ප‍්‍රකාශ කෙළේ මෙරට මැරතන් කී‍්‍රඩාව උදෙසා අනුග‍්‍රහය දැක්වීමට තම ආයතනය සූදානම් බවයි.

ශ‍්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසුවේ ලබන වසරේ පැවැත්වෙන දකුණු ආසියාතික කී‍්‍රඩා උලෙළේදී මැරතන් රන් පදක්කම් දෙකම දිනා ගැනීමට හැකි බවයි. ඒ සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සූදානම් කරන බව ඒ මහතා පැවසීය. මේ අවස්ථාවට මලල කී‍්‍රඩා ලේකම් පෙ‍්‍ර්මා පින්නවල භාණ්ඩාගාරික චන්දන ඒකනායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා