ෆ‍්‍රෑන්ක් මාර්කස් හිමිපාණෝ ස්වර්ගස්ථ වෙති

ෆ‍්‍රෑන්ක් මාර්කස් හිමිපාණෝ ස්වර්ගස්ථ වෙති

හලාවත හිටපු රදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය ෆ‍්‍රෑන්ක් මාර්කස් හිමිපාණෝ ඊයේ (24) රාත්‍රී ස්වර්ගස්ථ වූහ.

78 හැවිරිදි උන්වහන්සේ රෝගාතුරව මාසයක පමණ කාලයක් මාරවිල පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර ඊයේ රාත්‍රි 7.30 ට පමණ එහිදී ස්වර්ගස්ථ වූහ.

1965 දී රදගුරු පදවියට පත් උන්වහන්සේ වසර 41 ක් එම පදවිය දැරූ අතර හලාවත පදවියේ පමණක් වසර 38 ක් සේවය කළහ.

උන්වහන්සේගේ දේහය අද (24) කොච්චිකඩේ පාලම සිට හලාවත ආසන දෙව්මැදුර දක්වා රිය පෙරහරකින් රැගෙන ඒමට නියමිතය. අවසන් කටයුතු 27 වැනි බ්‍රහස්පතින්දා හලාවත ආසන දෙව්මැදුරේ දී සිදුකැරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා