ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධ කළොත් දැඩි දඬුවම්

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධ කළොත් දැඩි දඬුවම්

ඇගැයීමේ කටයුතු ආරම්භ කැරෙන තෙක් පහේ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධ කළහොත් විභාග පනත අනුව නීතිය ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි.

ඉකුත් ඉරිදා (23) පැවැති එම විභාගයේ ඇගයීම් ආරම්භ වන්නේ ලබන මස 5 වැනිදා බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි.

මේ ශිෂ්‍යත්ව විභාගයේ I හා II ප්‍රශ්න පත්‍ර ඇගැයීම් ආරම්භ වන දින දක්වා රහස්‍ය ලේඛනයක් වශයෙන් ම සළකනු ලබන බැවින් කිසිදු පුවත් පතක එම ප්‍රශ්න පළ කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම හෝ බෙදාහැරීම හෝ විකිණීම හෝ 1968 අංක 25 දරන විභාග පනත යටතේ වැරැදි හා අධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවද කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා